IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

(අංජුල මහික වීරරත්න)

රනිල් යනු කන්න බොන්න නොතිබූ රටකට ජීවය පිම්බ නායකයා බව කිසිවිටෙක අමතක කළ යුතු නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

එජාප සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල,ජාතික සංවිධායක සාගල රත්නායක,උපනායක අකිල විරාජ් කාරියවසම්,උප සභාපති නවීන් දිසානායක මහත්වරු ඇතුළු එජාප නායකයෝ මීට සහභාගී වූහ.

එහිදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.

අද මේ රට පාලනය වන්නේ ක්‍රෝධයෙන් වෛරයෙන් තණ්හාවෙන්ද කියලා අපට ප්‍රශ්න කරන්නට සිදුවෙනවා.රනිල් යනු මිනිසුන්ට කන්න බොන්න නැති මොහොතේ ජීවය දුන් නායකයා.කවුරුත් රටේ අභියෝගය භාර නොගත් මොහොතේ රනිල් වික්‍රමසිංහ නිර්භයව ඉදිරිපත් වී රටේ ජනතාව ජීවත් කළා.වර්තමානයේ අද රට පවතින තත්ත්වයට ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

එතුමා එදා අගමැති ලෙස කටයුතු කරද්දීත් එතුමාගේ නිවස පුච්චා දැමුවා.ඒත් එතුමා බය වුණේ නෑ. ඒ කාරණා වලටත් මුහුණ දීගෙන මේ රටේ ආර්ථිකය හැදුවා.එවැනි පුද්ගලයෙක්ට මෙවැනි දෙයක් වීම ගැන ඇත්තටම අප කනගාටු වෙනවා.

අප අධිකරණයට ගරු කරනවා. නමුත් සමහර යූටියුබ් චරිත අධිකරණ තීන්දුව කලින් කියනකොට ඒ ගැන බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙනවා.මේ ඔක්කොම දැන් දේශපාලනීකරණය වෙලා තියෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්.

එදා අරගලකරුවන් කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බවයි. ඒ අරගලකරුවන් බලාපොරොත්තු වුණේ මේ වගේ සිස්ටම් චේන්ජ් එකක්ද?මෙහෙම ගියොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙන්නේ මොකක්ද?



අදහස් (3)

රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

රනේ Saturday, 23 August 2025 05:49 PM

ඒ ඔයාලගේ මතේ. අපේ මතේ ඊට වෙනස්..

:       8       48

නිර්පාක්ෂික Sunday, 24 August 2025 03:26 PM

ජනතාව මහ පාරට වැටෙන තැනට ඇදලා දැම්මේ,මහා පරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කෙරුවේ දූෂිත දේසපාලුවෝ මිස වෙන කවුරුත් නෙවෙයි .

:       0       0

Perakum Liyanagama Sunday, 24 August 2025 06:03 PM

අනේ නිකං බබා වගේ කතාකරන්නේ රනිල්ගේ පැටිකිරිය දන්නේ නැද්ද? නැත්නං බංකුවක් අරගෙන ඇවිත් ඉඳගන්න. එයාගේ කෙරුවාව මුල ඉඳලා අගටම කියා දෙන්නම්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site