IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රනිල් අල්ලස් කොමිසමට කැඳවයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බව කියමින් මෙම කැඳවීම කර ඇත.

අප්‍රේල් 17 වෙනිදා පෙරවරු 9.30ට අල්ලස් කොමිසමේ පෙනී සිටින ලෙසද රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

එදින අල්ලස් කොමිසමට නොපැමිණියහොත් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ අංක 126 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරන බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.



අදහස් (13)

රනිල් අල්ලස් කොමිසමට කැඳවයි

මාබංකුසිංහ Friday, 11 April 2025 04:29 PM

පිනාට පිං අතේ වැඩක් කරගෙන ඉන්න නෑනේ. කල හොඳ පස්සෙන් එනවා.

:       0       0

Harsha Friday, 11 April 2025 04:36 PM

ඡන්දේ කිට්ටු වෙනකොට හැම ආන්ඩුවක් ම ඔය වගේ පොඩිපොඩි ආතල් දෙනවා.

:       0       0

පාලං සීයා Friday, 11 April 2025 05:06 PM

යෝගා.., මාව බේරගනිං මචං…!

:       0       0

sam Friday, 11 April 2025 05:11 PM

සුබ නැකතින් අවුරුදු කාලා, හිසතෙල් ගාලා, ස්නානය කරලාම එන්න. මතකද සුභ දිශාව සහ වර්ණය? ආලුත් අවුරුද්ද සුභයි වගේ

:       0       0

nimal Friday, 11 April 2025 05:12 PM

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැංකුවේ පැවති, ස්ථාවර තැන්පතු මුදල් ඉවත්කර ගැනීම පිළිබඳ ප්‍රකාශයක් මාධ්‍ය මගින් ලබාදෙන ලදී...!

:       0       0

පුරවැසියන් Friday, 11 April 2025 07:01 PM

මදැයි ට්‍රම්ප් කේස් එකෙනුත් අවුලක් වුණා. දැං මේ මගුලක් ඇවිල්ලා. ගොඩ ඒමක් ආයෙත් මේ කපේදී නෑ.

:       0       0

චන්දිම Friday, 11 April 2025 08:05 PM

ආ එහෙමද? එතකොට රජයක නියමිත මූල්‍ය ක්‍රමය අනුව කටයුතු කිරීම අල්ලසක් කියලා දැනන් හිටියේ නෑ. රනිල් කිව්ව විදියට භාන්ඩාගාර ලේකම් හරහා දැනුම් දීලා. මේ රට අද සමුර්දිමත් රටක්. අතමිට, කනකර පිරිලා. සාක්කුවේ සල්ලි පිරිලා. රුපියල් 5000ක් අරන් කඩේ ගියාම සති 2ක් කන්න බඩු ගේන්න පුළුවන්. ඒ අතින් ඉසුරුමත් නිසා අද දැවෙන ප්‍රස්නය, බටලන්ද, මහින්දගේ ගෙදර සහ චාමරගේ ප්‍රස්නයනේ නේද?

:       0       0

Rata Perata Friday, 11 April 2025 09:03 PM

රටේ නීතියට උඩින් කවුරුවත් ඉන්න බෑ. අනිත් එක මෙයා අධිකරණයට අපහාස කළා.

:       0       0

හේමාල් Friday, 11 April 2025 09:06 PM

ඉතාමත් වේගවත්ව තීරණ ගන්න අල්ලස් කොමිසමක්. පුදුමයි... ඊයේ හවස 6ට රනිල් ප්‍රකාශයට පත්කළේ මේක... අද දවල් 12 වෙද්දි කැඳවීමකුත් ලැබිලා. කොමිසම මීට පෙර බාරගත්තු සියලුම වැඩ අවසන් කරලා වෙන කරන්න දෙයක් නැතිව ඉද්දී මේක හම්බ වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ ලෝකයේ තියන වේගවත්ම අල්ලස් කොමිසම මෙහේ වෙන්න ඇති...

:       0       0

Asela Friday, 11 April 2025 09:23 PM

ප්‍රාදේශීය සභා මැතිවරණය ආසන්නයේ, මේ වැඩකට නැති පාලනයට අවශ්‍ය වන්නේ බොරු බොරුවක් කියා රනිල් අත්අඩංගුවට ගැනීමට සහ රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කර ඔහුව අත්අඩංගුවට ගැනීමට සෑම දෙයක්ම කඩිනම් කිරීමටයි. අල්ලස් කොමිසම අධික ලෙස කලබල වී සිටින අතර දිනෙන් දින ජනප්‍රියත්වය අඩුවෙමින් පවතින වත්මන් ජනාධිපතිවරයා සතුටු කිරීමට අධික ලෙස ප්‍රතිචාර දැක්වීය. දැන්, දේශපාලනඥයෙකු හදිසියේ අත්අඩංගුවට ගැනීම ඇතුළු සෑම දෙයක්ම කර නැවත මහජනතාව කැළඹීමට ඔහුට අවශ්‍යයි.

:       0       0

ඔක්කොම කෑවා Saturday, 12 April 2025 12:00 AM

මේ මෝඩ ආණ්ඩුව ගෙන ඒමේ සම්පූර්ණ ගෞරවය හම්බෙන්න ඕන මෙයාට. සජිත් එක්ක තියෙන තරහට ඉස්සෙල්ලා මහ මැතිවරණෙ තිබ්බෙ නෑ. ඊට පස්සෙ ජනාධිපතිවරණෙදි පරදින බව දැන දැන සජිත්ගේ ඡන්ද ටික කැඩුවා. ඒත් කමක් නෑ හොඳට මුන් ආණ්ඩුව කරගෙන යනව නම්. මිනිස්සුන්ව බොරුවෙන් අන්දලා කිසිම වැඩක් කරන්න බැරි ගොන් සෙට් එකක් ඇමතිල කරා. දැන් ඉතින් සනීපද කියල තමයි අහන්න තියෙන්නෙ. එජාපෙත් කාලා, සජබෙත් කාලා, පොහොට්‍ටුවත් කාලා රටත් කාලා දැම්මා.

:       0       0

Alfread Saturday, 12 April 2025 12:01 AM

මා මිත්‍ර අනුර ඔබතුමාට මොකුත් කරන එකක් නෑ. මොකද මේ ආණ්ඩුව තාමත් යන්නේ ඔබගේ ප්ලෑන් වලින් බව රටේ හැමෝම කතා කරනව. ඔය පොඩි නාට්ටියක් නැ‍ටුවට ඉඳල හිටලා අනුර ඔයාට මොකුත් කරන්නෙ නෑ.

:       0       0

Neel Saturday, 12 April 2025 07:08 AM

මාර වැඩේ රනිල්ට වුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site