
(අංජුල මහික වීරරත්න)
සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ නිල කර ලේන්සුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැළඳවීම කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද සිදු කෙරිණි.
සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ සම සභාපතිනී චමෝදිකා ලෝවි මෙනවිය විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ ලේන්සුව පැළඳවීම සිදු කෙරිණි.
මීට මසකට පමණ පෙර ස්වර්ගස්ථ වූ ආචාර්ය ඩබ්ලිව්. චම්පික ලෝවි මහතා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි බාල දක්ෂ සංගමය වන සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ බාල දක්ෂ සේවා හා මහජන සම්බන්ධතා මාසය අදින් (23) ආරම්භ වූ අතර ඒ නිමිත්තෙන් මෙම ලේන්සු පැළඳවීම සිදුකෙරිණි.
සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ වැඩ මාසය නිල වශයෙන් ඇරැඹීමද මෙහිදී සිදුවිය. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

2025 නොවැම්බර් මස 04
345
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2150
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1630
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රනිල්ට බාලදක්ෂ ලේන්සුව පළඳවයි
Srinath Wednesday, 23 July 2025 08:10 PM
ඕක පලන්දන්න ලංකාවේ වෙන කෙනෙක් නැද්ද? අපේම රටේ බාලදක්ෂයෝ මැරුවේ කවුද කියලා එයාගෙන්ම අහන්න.
chandima Wednesday, 23 July 2025 11:26 PM
කර පටිය දාපු එක හොඳයි, දැන් බන්දාලා තියන්න පුළුවනි . නැතිනම් ජම්පරේ අන්දන කාලෙට හොයගන්න බැරි වෙනවා
nihal Thursday, 24 July 2025 12:28 AM
මොකටද මේ මිනිහට බලදක්ෂ ලේන්සුව… පොල් ගන්නද… ලොවේ කියන්නේ වැඩකට නැති පරපුරක් වෙන්න ඕන.
ලූට මූස් Thursday, 24 July 2025 01:18 AM
මෙවුං බාන බාල දක්ෂ නෙවෙයි බොලව්, නාකි අදක්ෂ!
B marasinghe Thursday, 24 July 2025 02:54 AM
බාල දක්ෂ සංගමය? හිටපු ජනාධ්පතිට ලේන්සු පැලැඳවීම? වජිර අබේවර්ධන සහභාගි වීම? කන්පියුස් අප්පා?
Perera Thursday, 24 July 2025 06:28 AM
ඕවා පැලඳුවට , මෙයා බාල වැඩ කරන අදක්‍ෂයෙක් බව මුලු රටම දන්නවා.
ගුණරත්නThursday, 24 July 2025 11:11 AM
අදක්ෂයාගේ වැඩ පිළිවෙල මේ දක්ෂ මහත්තුරු කරගෙන යන්නේ මොකද?
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 24 July 2025 09:41 AM
ලේන්සුවකුත් නිකම්ම ලැබුණ එකේ පාරක්, පාරක් ගානේ ඇවිදින්න තමයි තියෙන්නේ, කීයක් හරි ලේන්සුවට වැටෙන්නෙ නැතෑ
අරවින්ද මොණරවිල Thursday, 24 July 2025 10:55 AM
බාලදක්ෂයෙක්ට නම් සුදුසුකම් හොඳටම තියෙනවා, පහේ ශිෂ්‍යත්වයටත් ඉදිරිපත් කරලා බලන්න ඕනා පූංචි පහේ හපනෙක්ද කියලා....
පොඩි එකා Thursday, 24 July 2025 11:29 AM
ලේන්සුව බෙල්ලේ නොදා දෙන්නටම අමුඩේ ගැස්සුවා නම් හරි.
Rata Perata Thursday, 24 July 2025 12:11 PM
මොවුන් බාලදක්ෂ ව්‍යාපාරයේ ගෞරවයත් නැති කරනවා.
ගමේ එකාලා Thursday, 24 July 2025 01:05 PM
වැල් පාලමෙන් යන්ඩ කියපු පින් ජනපතියා අමුඩ ලේන්සුවක් තමා හරියන්නේ?