IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රනිල්ගෙන් පළිගැනීම දෙමළ ජනතාව හෙළා දකිනවා

(අංජුල මහික වීරරත්න)

රනින්ට විරුද්ධ  පළිගැනීම දෙමළ ජනතාව ලෙස හෙලා දකින බව දෙමළ ප්‍රගතිශීලි සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  මනෝ ගනේෂන් මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුව අමතමින් පැවසීය.

සිකුරාදා දවස බලලා  උසාවියට දාලා එතන ලයිට් නිවල දාලා සෙල්ලම් කරන්න එපා යැයි හිතවත් මිත්‍ර අනුර සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා.දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා පක්ෂ බේද වලින්  තොරව ඒකරාශී වී  ක්‍රියා කළ යුතුව තිබෙනවා. මුලින් චෝදනා කළ මහ බැංකු වංචා වලට ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි.මේක අනිවාර්යයෙන් සීයට සීයක්ම දේශපාලන පළිගැනීමක් යැයි මනෝ ගනේශන් මහතා කීය.



අදහස් (12)

රනිල්ගෙන් පළිගැනීම දෙමළ ජනතාව හෙළා දකිනවා

ගුණරත්න Sunday, 24 August 2025 11:01 AM

අරුණ කුමාරට මිත්‍රයා කියන්න එපා, එතකොට සෑහෙන්න තරහා යනවා

:       0       0

සෙනෙවිරත්න Sunday, 24 August 2025 11:59 AM

මහ බංකුවෙ ඒවත් එයි මන්ත්‍රී තුමා, ඔයා⁣ලාගේ පිළිවෙළට නොවෙයි කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිළිවෙළට...

:       0       0

පොඩිඑකා Sunday, 24 August 2025 12:45 PM

ඒ කියන්නෙ සිකුරාදට උසාවි පැවැත්වීමට සහ සැරින් සැරේ තැන්තැන්වල ලයිට් යන එකට දෙමළ ජනතාව විරැද්ධයි කියන එකද?

:       0       0

අරවින්ද මොණරවිල Sunday, 24 August 2025 12:55 PM

ඔබගේ ගොන් කතා වලටයි ගොන් වැඩ වලටයි දෙමළ ජනතාව සම්බන්ධ කර ගන්න එපා, මොකටද ඔබව දෙමළ ජනතාව තමන්ගේ නායකයෙක් ලෙස කවදාවත් පිලි ගත්තේ නැහැ. ඉස්සරහට කොහොමටවත් පිලි ගන්න එකකුත් නැහැ.

:       0       0

pakeer Sunday, 24 August 2025 12:56 PM

නියම දෙමළ ජනතාව ​දන්නවා 1983 දී වැලිකඩ බන්ධනාගාරේ දෙමළ දේශපාලන සිරකරුවන්ට මොකද වුණේ කියලා..

:       0       0

Srinath Sunday, 24 August 2025 02:47 PM

එතකොට ඔබලා කියන්නේ, හිරේ ඉන්න හැමෝම නීතියට වැරදිකරුවන් නෙමෙයි , පළිගැනීමට ඇතුළට දාපු අය… විරුද්ධ, පක්ෂය කියන්නේ අපේ නීතිය පිළිගන්නේ නැහැ කියලා… මේ ගැන CID එකෙන් පරීක්ෂණයක් කරන්න… මුන් සෙරම ඇතුළට දාන්න රට බැංකුලොත් කළාට… ඔවුන්ගේ ආණ්ඩුව තියෙනකොට නීතිය හරි… දැන් වැරදි.

:       0       0

Pankumburage Sunday, 24 August 2025 03:06 PM

රටේ මුදල් අවභාවිතා කිරීමට දඩුවම් කිරීම පලිගැනීමක්‌ද තම්බි.

:       0       0

නිර්පාක්ෂික Sunday, 24 August 2025 03:56 PM

නීතී ගරුක සිෂ්ට සම්පන්න රටවල නීතීය කාටත් පොදුයි .වැරදි කළොත් දණ්ඩුවම් විදින්ඩම වෙනවා.මෙය අදිකරණය දුන් නිවැරැදි තීන්දුවක් ,බව ඉතාම පැහැදිලි .

:       0       0

Nishan Sunday, 24 August 2025 04:16 PM

පහුගිය දවස්වල ලපයයි, ගෝලයොයි තැන තැන කිය කියා ඇවිද්දා. එයාලා තමයි බංකොලොත් රට ගොඩ ගත්තේ... ණය ප්‍රතිව්‍යුහගතකරණය කලේ, පෝලිම් නැති කලේ, ඩොලර් සංචිතේ බිලියන 6 ට නැග්ගුවේ වගේ බොරු කතා. ඒත් ඒ බොරු මිනිස්සු පිළිගත්තේ නෑ. ඊට පස්සේ ඒවා කරපු නායකයාව හිරේ විලංගුවේ දාලා කට වහන්න හදනවා. මේ රස්තියාදුකාරයන්ට ඉඩ දෙන්න එපා. ඉඩ දුන්නොත් මේ රට ඉවරෙටම ඉවරයි 87-89 කාලේ වගේ....

:       0       0

Sara Sunday, 24 August 2025 05:40 PM

ඒක හරි. පහුගිය මැතිවරණවල ඔප්පුවුණා. ඔබතුමාගේ ආසනේ නැති කරලා.

:       6       15

මහේෂ් Sunday, 24 August 2025 07:27 PM

මාරයි....

:       4       7

Nishan Monday, 25 August 2025 06:11 AM

ප්‍රාදේශීය සභා ඡන්දෙදී ඔප්පු වුණා දෙමළ ජනතාව මේ ආණ්ඩුවේ රැවටීමට කේන්තියෙන් ඉන්නේ කියලා. දෙමළ ජනතාව විතරක් නොවෙයි, දකුණේ සිංහල මුස්ලිම් ජනතාවත් තමුන්ව ඉතා දරුණු විදියට රවට්ටපු බව තේරුම් අරන් ඉන්නේ. ආණ්ඩුව පළාත් සභා ඡන්දේ තියන්න බයත් ඒකයි. විරුද්ධ පක්ෂය මර්ධනය කරන්නේත් ඒකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site