
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මලිගැනීමේ සිද්ධිය ජාත්‍යන්තරය හමුවට ගෙනයන බව සමගි ජන බලවේගයේ කුරුණියගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධය මාධ්‍ය හමුවේදී පැවසීය.
කොල්ලුපිටිය අමාරි හෝටලයේදී මෙම හමුව පැවැත්විණි.
ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය අවසන් කිරීම මෙන්ම ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා අප මේ මාධ්‍ය හමුව කැඳවා තිබෙනවා.ලංකාවේ සාපරාධී අපහාස නීතිය ඉවත් කළේ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ජනාධිපති මුක්තිය අවසන් කළේ රනිල් වික්‍රමසිංහ.රට වැටුණු වෙලාවේ රට යම් තැනකට ගේන්න මහන්සි වූ නායකයෙක් ලෙස අපට ඔහු ගෙන ගෞරවයක් තිබෙනවා.බිලියන හයයි දශම ගණනක සංචිත ගැන කතා කරන්න මේ ආණ්ඩුවට හයිය පැමිණ තිබෙන්නේ රනිල් කළ ක්‍රියාවලිය නිසයි
යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර රනිල්, මහින්දලා ගැන කම්ප්ලේන් කරන කොට කිව්වේ නම් රට පාවා දෙනවා කියලා දැන් නම් එහෙම නැහැ...
කවුද පළිගන්නේ?. රටටම කෙලවෙලා මිනිස්සුන්ට තුන්වේල කන්න නැතුව නැතිබංගස්තාන වෙලා (වෙලා නෙමෙයි කරලා) ඉන්න රටක නායකයෙක් රටේ සල්ලි කෝටි ගණන් වියදම් කරලා ආර්යාවගේ වැඩකට යන එක හරිද?
ජනාධිපති අරමුදලෙන් ගත්තු ලක්ෂ පහ ගෙවලා ඉන්න!
අත්‍යාවශ්‍යයෙන් කලයුතු දෙයක්, ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් හැදුවා. දැන් මේකෙන් වෙන්නේ වර්තමාන ආණ්ඩුවේත් අනාගත ආණ්ඩුවලත් නායකයන්ට සිරගතවීමට යි.
හොරු අල්ලන එකයි පළිගැනීමයි දෙකක් කියලා ජාත්‍යන්තරය දන්නවා… ලංකාවේ ඉන්න මරිමෝඩ දේශපාලුවෝ නෙවෙයි ජාත්‍යන්තරේ ඉන්නේ… කිරිහට්ටි අප්පච්චිව අල්ලන් ඇයි පරක්කු කියලා ඒ අය අහයි…
ජාත්‍යන්තරේ මෝඩ නැහැ මේ වෙන දේවල් තීරණය කරන්න. ගොඩක් පිටරට කොමෙන්ට් වල දැක්ක ලංකාව දුෂණයෙන් තොර හරි අතට ගමන් කරමින් සිටින බව
මේ සෙට් එක එකතුවෙලා රනිල්ව ජාත්‍යන්තර වශයෙන්ම පීචං කරන්නයි යන්නේ...
ප්‍රශ්න තියෙනවාද?... ලොක්ක දන්න ඔක්කොම ජාත්‍යන්තරේ ඉන්නේ..
මු යුඑන්පී එකෙන් අයින් වෙලා පොහොට්ටුවට පැනපු දවසේ පාර්ලිමේන්තුවේ කරපු කතාව මතක් උනා
එක නැට්ටේ හොරු
රටට වින කරපු දූෂිත නායකයෙකුට විරුද්දව නීතීය ක්‍රියාත්මක කිරීමක් පළිගැනීමක් වෙන්නේ කොහොමද? ඒකවත් නොදන්නා රිලාසිරියා .නීතීය කාටත් පොදුයි .
විරුද්ද පක්ෂය මර්ධන කිරීම, කතා කිරීමේ නිදහස නැති කිරීම, ආණ්ඩුවේ දූෂණ, වංචා යට ගැසීම, ආණ්ඩුවේ දූෂිත මැති ඇමතිවරුන් ආරක්ෂා කිරීම සහ අධිකරණයෙ ස්වාධීනත්වය නැති කිරීම, නීතිය වෙනස් ආකාර වලින් ක්‍රියාත්මක කිරීම ගැන වහාම ජාත්‍යාන්තරයට පැමිණිලි කරන්න, එක්සත් ජාතීන්ට, යුරෝපා සංගමයට සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට. නැත්නම් මේ මර්ධනය සමාන්‍ය ජනතාවටත් කරනවා මෙයාලා.
ඔයත් කටවහගෙන හිටියොත් හොදයි. දැන් ඉන්න අයට විරුද්ධව කතාකරන්නවත් බැහැ.
හොර තක්කඩින්ට ජාත්‍යන්තරේ පිළිගැනීමක් නැහැ. ජාත්‍යන්තරයේ දන්නවා ඔවුන්ගේ රගේ...
විපක්ෂය එය ඔප්පු කළහොත්, NPP හි මුළු වහලුන්ම අනුර පිටුපස සිටියත්, එය අනුරට ඇති ලොකුම අභියෝගය සහ පසුබෑම වනු ඇත. බටහිරට සහ EU ට තුන්වන ලෝකයේ රටවල බොහෝ වෙනස්කම් සැලසුම් කළ හැකිය. ප. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා අත්සන් කළ 5000 ක පෙත්සමක් පවා EU විසින් පිළිගනු ලැබේ. මෝඩයින් රාජ්‍ය තාන්ත්‍රික බලය සහ විරුද්ධ පක්ෂයේ බලය නොදනී.
මේ මෝඩයා දන්න තරම තමයි. පලිගැනීම මොකක්ද නීතිය ක්‍රියාත්මක කිරීම මොකක්ද කියලාවත් දන්නේ නැති කෙනෙක්.
ජාත්‍යන්තරය කොහොමත් නිකම් "හොර" නාමයක් ගාවාගන්න කැමැති නැහැ. වංචා කාරයන්, බැංකු කොල්ලකාරයන්.. බේරාගන්න නොවෙයි ජාත්‍යන්තරය තියෙන්නේ. එක මහත්මියක් එදා රනිල් CID එකට ගියවෙලාවේ ඉඳලා විදේශීය තානාපති වරුන්ට කතාකරනවාලු.. නමුත් කිසිම කෙනෙක් උත්තර දීලා නැහැ. ඒ අය දන්නවා මේ රටේ හිටපු ලොකු ලොක්කෝ කරපු අමන, අශිලාචාර, මිනීමරු වැඩ ගැන...
දයාසිරි... ඔයා ගැන දුකයි.
මේ යෝදයා හැමදාම පාර්ලිමේන්තුවෙ පීචං වෙනවා.
රිලාසිරියෝ, බටලන්දේ වැඩේට ජාත්‍යන්තර අධිකරණයට රනිල්ව අරන් යන්න ඔයා ගමන්ම.
ජාත්‍යන්තරයට යන්නෙ රටේ මිනිස්සු ගාවට යන්න බැරි නිසා නේද? එංගලන්තෙ රජා නෙමෙයි දැන් අපේ රටේ නායකයා. මේ මෝඩ මූසලයන්ට ලැජ්ජාවක් නැහැ.
අමුතුවෙන් ගෙනියන්න දෙයක් නෑ... මුළු ජාත්‍යන්තරයම බලාගෙන තමයි ඉන්නේ නීති කෘත්‍යය සිදුවෙන ආකාරය ගැන. මොකද රනිල් කියන්නේ මුළු ජාත්‍යාන්තරයම ගරු කරන, පිළිගත් උගතෙක්, රාජ්‍යාතාන්ත්‍රිකයෙක්. විරුද්ධ පාක්ෂිකයන් වෙනුවෙන් නීතිය අපයෝජනය කලොත් නම් මේ ආණ්ඩුවට ලේසි වෙන්නේ නෑ.
අම්මෝ ජාත්‍යන්තර … ඔන්න අපි බය වුනා කෝ මුකුත් උනේ නෑනේ
ජාත්‍යන්තරයට බැරි නම් අගහරු ලෝකෙට ගෙන්ච්චත් අපිට අවුලක් නැහැ. දූශිත දේශපාලුවෝ කාගේ කාගෙත් කියුම් කෙරුම් අපි හොන්දාකාරවම දන්නවා.