
(අංජුල මහික වීරරත්න)
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අඩු රුධිර පරිමාව (hypovolemia) සහ රුධිරයේ අඩු ඇල්බියුමින් මට්ටමට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබේ.
සඳහා ලංසුකරුවන් දෙදෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසපාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s Reliance Life Science (Pvt) Ltd. වෙත අදාල ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔය බෙහෙත ගන්න ටෙන්ඩර් එක "කෙහෙළිය ඇන්ඩ් කම්පැනි" එකට දෙමුද?
ලෙඩ්ඩු කී දෙනෙක් මැරුණ ද පහුගිය දවස්වල මේක නැතිව. ඇති යන්තම් දැන්වත් ගෙනාවා.
මේ ආණ්ඩුවෙන් හිමීට නමුත් හරියට දේවල් වෙනවා වගේ තේරෙන්නේ විශේෂයෙන් ඉහළ ස්ථරයෙන්. රාජ්‍ය සේවකයෝ ඉතින් පරණ බනේම තමයි. බලමු තව අවුරුදු ගාණක් තියෙනවනේ. හැකියාවට වඩා ඇටිටියුඩ් එක හැම වෙලාවෙම වටිනවා. එතකොට හැකියාව දියුණු කරගන්න පුළුවන්.
සෑබෑ වෙනස ?..