
(අජිත්ලාල් ශාන්තඋදය)
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැතිවරණ නාමයෝජනා පත්‍රයට ඇතුලත් වී නැත.
එහි මුලින්ම නම සඳහන්ව ඇත්තේ කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතනගේ මහතාගේ ය.
මෙම නාමයෝජනා පත්‍රය රත්නපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී වසන්ත ගුණරත්න මහතාට බාරදීමෙන් පසු වෙනත් නාමයෝජනා ලැයිස්තු මෙන් එහි ද පිටපතක් මහජන ප්‍රදර්ශනයට අලවා ඇත.

COMMENTS
ඉස්සර මෙන් එකම පක්ෂෙකට ඡන්දෙ දෙන ඡන්ද දායකයෝ දැන් අඩු නිසා , පාවෙන ඡන්ද ප්‍රමාණය වැඩි නිසා, ආන්දෝලනාත්මක චරිත සිටින ලැයිස්තු වලට මිනිස්සු ඡන්දෙ දීමෙන් වැළකිලා සිටින නිසා ඉදිරියට බොහෝ පක්ෂ තම ලැයිස්තුවලින් මෙවැනි චරිත ඉවත් කරන්න කටයුතු කරාවි. මේක හොඳ ප්‍රවණතාවයක්...!
මෙයා මේකට මොන විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා බලාගෙන ඉන්නවා.
"අලුයම ලූ කෙළ පිඩක් සේ..." කියලත් ආවා නම් තමා වඩාත් ලස්සන!
ජනතාවගේ අප්‍රසාදය හමුවේ තමුන්ගේ නම අයින්කර ගත්තා වෙන්ඩ බැරිද? මෙයාටත් පාර්ලිමේන්තු යන්ඩ පොඩි ආසාවකුත් තිබුණා.
බස් ඩ්‍රයිවර් රැවටුණා... පයිලට් කෙනෙක් කියලා, අන්තිමට දමිතාට බස් එකත් නැහැ. ප්ලේන් එකත් නැහැ.
මදෑ ඡන්දේ ඉල්ලන්න ගිහින් වෙච්චි වැඩේ. පුදන කොටම කාපි යකා කිව්වාලු?
නම ඇතුලත් නොවීම බොහෝම හොඳයි. සුදුස්සන්ට තැන දෙන්න ඕනෑ. මෙයාට ඡන්දෙ ඉල්ලන්න මොන සුදුසුකම්ද තියෙන්නේ. කට හද හදා කතා කරන්න ජරා කටක් තියෙන එක තමයි එකම සුදුසුකම...!
මොන පක්ෂයෙන් වුණත් මේ වගේ මැටි චරිත පාර්ලිමේන්තු එවන්න එපා. පාර්ලිමේන්තුවටත් විහිළුවක් වේවි..
කිව්වා හෑලි එක දිගටම සජී ගැන අවසන් ලක් අම්මා ආ ගිය තැනක් නැත...
අපෝ තව ගලි බවුසරයක් පාර්ලිමේන්තුවේ ගලි බවුසර ටික අයින් කරලා විතරයි. තවත් ඒවා එන්න හදනවා.
ලක් අම්මේ...ඔයා ස්වාධීනව මැතිවරණෙට එන්න...මගෙන් බත් නොකාපු හරක් ටිකක්, ඔයාගේ නම කපපු හේෂාට නැතිව ඔයාට ඡන්දය දේවී.
හොඳ වේලාවට.. දැන්නම් ඇපත් නෑ.
මේ වගේ කෙනෙකුට ලක් අම්මා කියන වචනය දැන්වත් නවත්වන්න. ලක් අම්මා කියන වචනය සුදුසු කෙනෙකුට කියන්න. ඒ වචනයට අපහාස කරන්න එපා. මේ වගේ අයට නාම යොජනා දෙනවාට වැඩිය හොඳයි මී හරකෙකුට දෙන එක...
අප්පට සිරි... මෙච්චර කල් හොඳයි කියපු සජි අද ඉඳන් ඉවරයි. මෙච්චර කල් හොඳයි කියූ සමගි ජනබලවේගයත් අද ඉඳන් ඉවරයි.
අයියෝ අපිට කෙලවෙනවෝ, එකත් නැතිවුණා, රත්නපුරයෙන් නෙවෙයි ඉල්ලන්නේ අන්තපුරයෙන්...
කට හැකර නිළියකට ලබා දිය යුතු සුදුසුම දඬුවම ලබා දුන් අදාළ පාර්ශවයන්ට මගේ ගෞරවනීය ප්‍රණාමය! මෙවැනි කට හැකර වාචාල පිරිමි හා කාන්තාවන් ඔවුන්ගේ විවිධ රංගන තුළින් මේ සමාජය ඉතාම බිහිසුණු ලෙස අපහරණය කරමින් සිටිනවා.. මේ තත්වය වෙනස් විය යුතුමයි. අනික මේ කාන්තාව වංචනික ක්‍රියාවකට සම්බන්ධ සැකකාරියක්. දේශපාලනික දැනුමෙන් හා පරිණත භාවයෙන් පිරුණු වත්මන් ජනාධිපතිතුමාට අපහාසාත්මක ආකාරයෙන් කතා කරන්න මේ වාචාල කාන්තාවට තියන දේශපාලන දැනුම කුමක්ද..? තමන්ගේ තරම දැනගෙන කටයුතු කරන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ... හිතාගෙන ඉන්නේ පිටපතට අනුව කැමරාව ඉදිරියේ රඟන එක දේශපාලනයට සුදුසුකමක් කියලාද..? කරත්තේ බඳින්න සුදුසු අය කතා කරන්නේ ප්ලේන් එලොවන එක ගැන..? ඒකයි මට තියන දුක...
මේක හරියට වැසිකිලියට ගියාම, වැසිකිලි පෝච්චිය හොරු අරන් ගිහින් වගේ වැඩක්නේ...
ඕක හින්දා දැන් රනිල්ට හේත්තු වෙයිද දන්නේ නැහැ .එහෙමට ය මුන්නම්
මෙයා දැම්මානම් තියෙන ඡන්දත් නැතිවෙනවා.
ලක් අම්මගේ දිරිය කත... රත්නපුරෙන් දුන්නු කැත...
"මාළුවා නහින්නේ කට හින්දා"
ඔහු හොඳ තීරණයක් ගත්තා...
නොදකිං විතරක් රටට සාපයක්... ඔබට ඔහොම වෙලා මදි. ඔබ ගිය පාරක් ඇත්නම් ඒක ඉතින් උරුලෑවා ගිය පාර වගේ තමයි. ගඳේ බෑ...
14 වෙනිදායින් පස්සේ මුලු ලැයිස්තුවම හැලෙනවා..!
පව් ඒ උනාට අරගලේ වෙලාවෙත් ගොඩාක් මහන්සි වුණා. සජබේට ගොඩක් වැඩ කළා. අන්තිම මොහොතේ සජබේ කලේ සවුත්තු වැඩක්...!
අපි මෙයාට වෙනම පුද්ගලික ඡන්දයක් තියමු..
ඔය හැකර කට නිසා තමයි හැලුණේ. හිටියාම තියෙන ඡන්ද ටිකක් නැති වෙනවා..
පෙරේදා (10) දවසේම වගේ වැස්සා ඊයේ කොළඹ රත්නපුර මාර්ගයේ ගංවතුර තත්වයක් තිබුණා... නාමයෝජනා පත්‍රය ගේන්න ඇත්තේ වහිද්දී නිසා මැකෙන්න ඇති කොහොම වුණත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව ආනයන කරපු අයට කැමැති වුණත්..., හේෂාන් අකැමැති නිසා කැපිලා කියලා ඔහුගේම වචනයෙන් අහන්න ලැබුණා. ඒ ගැන සතුටුයි අපි බලමුකෝ ආනයනික වාසුදේව ගැන ජනතාව ගන්න තීරණය මොකක්ද කියලා...
හේෂා රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ආනයනය කරපු අය හොඳ නැහැ කියලා දමිතා අයින්කර තියෙනවා. ඒත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වඩාත්ම කැමැති ආනයනය කළ මිනිසුන්ට පමණයි. උදාහරණයක් හැටියට ගාලු දිස්ත්‍රික්කයේ උපන් වාසුදේව 1970 සිට අද දක්වාම රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී තනතුර දැරුවා. නැවතත් එන්න ඉඩක් තියෙනවා. හේෂාට නරක වුණාට මාලිමා කණ්ඩායමේ ගාල්ලේ හිනිදුම කෙනෙක් ඉන්නවා අපේ. බලමුකෝ රත්නපුර ජනතාව ආනයනය කළ එවුන්ට තියෙන මනාපය... ඉතාමත් ඉහලින් තියෙනවා නේද කියලා?
දැක්ක නේද ගරු කල යුතු මිනිසෙකුට ඉතා නින්දිත විදියට පහත් කරලා කතා කරලා කි දවසද ගියේ පාපය පලදෙන්න. මුළු රටක් ඉස්සරහ හද්ද පලේ පල් වුනානේ. කවුද කියනවා ඇහුනා නාම යෝජනා ඉල්ලුවට හැමෝටම ලැබෙන්නේ නැහැලු. කලින් දවසේ කිව්වේ අපි බොහොම ශක්තිමත්ව චන්දෙට මුහුණ දෙනවා කියලා. මදැයි මුන ලස්සනට මේකප් දාගෙන හරියට චොකලට් අයිසින් කේක් ගෙඩියක් වගේ හදාගෙන මහා වැස්සේ රත්නපුරෙටම ගිහින් අහගත්තු ටික. ඔන්න මම කියනවා දැන් මෙයාට යන්න ඕනි හරි තැන මොකද්ද කියලා. කෙලින්ම යන්න තියෙන්නේ බත්තරමුල්ලට. බත්තරමුල්ලේ කිව්වහම කවුරුත් දන්නවනේ. මේ ළඟදිත් එතනින් කිව්වා යන්න තැනක් නැති අය ඉන්නවනම් එතනට එන්න කියලා.