IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

(සුජිත් හේවාජුලිගේ)

 

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු  පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ  පක්ෂ සාමාජිකත්වය එම පක්ෂය විසින්  අහෝසි කරනු ලැබ ඇත.

මේ තීරණය  එම පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි  එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා  වශයෙන් පත්කරනු අතුරලියේ රතන හිමියෝ පසුගිය ජනවාරි මාසයේදී එම මන්ත්‍රී මන්ත්‍රී ධූරයේ කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

රතන හිමියන් පාර්ලිමේන්තුවට පළමුවෙන්ම පත්වූයේ  2004 වර්ෂයේදීය. ඒ ජාතික හෙළ උරුමය නියෝජනය කරමිනි.

ඉන්පසු උන්වහන්සේ මන්ත්‍රීවරයකු ලෙස   පාර්ලිමේන්තුවේදී  සිවු  වතාවක් වරින්වර දිවුරුම් දුන්හ. 



අදහස් (16)

රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

kamal Saturday, 16 October 2021 10:33 AM

සාදු, සාදු, සාදු... දැන් ඉතින් චීවරයේ ගෞරවය ආරක්ෂා කරගෙන තමන්ගේ මූලික කර්තව්‍යය සසරින් එතෙර වීමට කටයුතු කිරීමයි.

:       41       144

පැරකුම්Saturday, 16 October 2021 02:49 PM

අර කිව්වා වගේ සසරෙන් එතෙර වෙන්න බලමු. අපටත් එතෙර වෙන්න උදව් කරන්න…!

:       18       116

මුදියන්සේ, Saturday, 16 October 2021 12:22 PM

භික්ෂූන් තමන්ගේ කාර්යය කළ යුතුව තිබියදී ගිහියන්ගේ කාර්යයන්ට යාමෙන් බුද්ධ ශාසනයේ ගෞරවය කෙලෙසා ඇත. අනෙකුත් ආගමික නායකයින් තුල මෙවැනි ක්‍රියාවන් නොමැත. ගිහියන්ගේ කටයුතු කළ යුතු නම් බුද්ධ ශාසනයට අගෞරව නොකර චීවරය ඉවත් කොට කටයුතු කිරීම උචිතය.

:       76       143

ගොවිරාළ Saturday, 16 October 2021 12:33 PM

රසායනික පොහොර තහනම් කිරීමට මූලික අය අතුරින් මේ හාමුදුරුවෝ එක් අයෙක්... මේ නිසා සිදුවුණේ ජනාධිපතිවරයාට තිබුණු මහජන ප්‍රසාදය අඩුවීමයි. පක්ෂ සාමාජිකත්වය අහෝසි වීමෙන් මන්ත්‍රී තනතුර නැතුව යනවා ජනාධිපතිවරයාට සෞභාග්‍යය උදාවේවි...

:       21       135

Udhuli Saturday, 16 October 2021 01:01 PM

අපේ හාමුදුරුවනේ මොකද වුනේ...?

:       21       133

Prabha Saturday, 16 October 2021 01:17 PM

ඔය දේශපාලනය අතහැරලා දාන්න දැන්වත්...

:       2       133

Hafeel Saturday, 16 October 2021 01:58 PM

ආපහු දළදා මාලිගාව ඉදිරිපිට සංදර්ශනයක් බලන්න පුලුවන්ද?

:       153       135

de silva Saturday, 16 October 2021 02:24 PM

තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ . හාමුදුරුවෝ මර නින්දේ අපි බද ගින්නේ

:       30       122

ජගත් ලියනගේ Saturday, 16 October 2021 05:01 PM

දේශපාලනය කරන්න ආවාම සංඝයා වහන්සේලාට තියන ගෞරවය නැති වෙනවා.

:       12       125

ලුම්බිණි Saturday, 16 October 2021 05:37 PM

අතන මෙතන කොතන ගියත් රතන හිමි තමයි ...

:       4       70

saman Saturday, 16 October 2021 07:03 PM

පාර්ලිමේන්තුවට ගිහින් බුද්ධාගමටත් නිගරු කර කිසිම දේශපාලන පක්ෂයට මෙවැනි භික්ෂූන් බඳවාගන්න එපා.

:       1       71

සමන්Sunday, 17 October 2021 04:54 AM

මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවට ගත්තේ නෑ කියලා මහින්දටයි නාමල්ටයි හතර අතේ බැන අඬගහන අතරේ තමයි ඔය ඥානසාර හිමියන් ඉන්න පක්ෂයට රිංගුවේ. ඊට පස්සේ ඒකටත් වැඩේ දුන්නා. වාහන සහ අනිකුත් ලාභ ප්‍රයෝජන සඳහා කරන දේවල්!

:       1       7

Bamunuarachchi Sunday, 17 October 2021 07:27 PM

මෙපමණ කලක් කළ සේවයට ස්තුතියි. දැන් බැටන් එක අපේ ඥාණසාර හිමිට බාර දෙන්න. අපිට ඕනේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හම්බයින් මර්දනය කරන්න පුළුවන් කෙනෙක්. අපට ඉන්නේ රට මුස්ලිම්කරණය කරන බව දනදැනත් සංහිඳියාව හොයන චීවරධාරීන්...

:       4       5

siri Monday, 18 October 2021 04:09 AM

මේ කොමෙන්ට් ටික කරුණාකරලා බලන්න, දැන්වත් බල තන්හාව අත්හැර ගන්න.

:       0       1

Lelwala Monday, 18 October 2021 11:15 AM

නිවන් යන්න පාර්ලිමෙන්තුවට යන්න ඕන.

:       0       0

banda Tuesday, 19 October 2021 05:28 PM

දැන්වත් ඇති නේද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site