
( නිශාන්ත කුමාර)
පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි තව දුරටත් වර්ධනය වීම හේතුවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කල බව ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා පැවැසීය.
ඒ අනුව පිටවානේ සියලුම ගේට්ටු (ගේට්ටු හතම) විවෘත කර ඇත.
රත්කිඳ ජලාශයේ ජල මට්ටම පිරිසැපයුම් මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එය නියමිත මට්ටමේ පවත්වාගැනීම පිණීස මාපාකඩ කාර්ය භාර ඉංජිනේරුවරයාගේ උපදෙස් පරිදි මෙලෙස එහි ජල පාලන දොරටු විවෘත කල බව ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා පැවැසීය.
ඒ අනුව ජල පාලන දොරටු තුනක් මීටර් එක (01) බැගින්ද ඉතිරි ගේට්ටු තුන මීටර් 0.5 බැගින්ද විවෘත කර ඇත.ජල පාලන දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි රත්කිද-ගිරාදුරුකෝට්ට මාර්ගයේ කෝසුවද මේවන විට ජලයෙන් යටව ඇත.
ඉදිරි පැය කීපය තුළදී ඇද හැලෙන වර්ෂාවේ තිවෘතාව මත ජල පාලන දොරටු විවෘත කරන ප්‍රමාණයන් වෙනස් විය හැකි බවද දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්කිද ජලාශයේ සියලු වාන්දොරටු විවර කරයි