(ප්‍රසාද් රුක්මල්)
වර්ෂාපතනයේ වැඩිවීමත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (18) පස්වරුවේ විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .
මේ නිසාවෙන් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ජලයෙන් යටවී ඇති හෙයින් එම මාර්ගයේ ගමන් කිරීමෙන් වලකින ලෙසත් ජලාශය පහල නිම්නයේ පදිංචි ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින ලෙසටද අනතුරු හගවා සිටි.
උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු තුනක් 0.5 මීටර් බැගින් සහ පිටවානේ ගේට්ටු හතරක් 0.3 මීටර් බැගින් දැනට විවෘත කර තිබෙන බවත් ජලාශ භාර නිළධාරිවරයා පැවසීය .
ඉදිරියේදි පතිත වන වර්ෂාව අනුව ජල මට්ටම තව දුරටත් ඉහළ ගියහොත් උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු වලින් නිකුත් කරන ජල ධාරිතාව මාපාකඩ කාර්යභාර ඉංජිනේරුවරයාගේ උපදෙස් මත තව දුරටත් වැඩිකරන බවද උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .
අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොල
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව කතරගම ප
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්ප
ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි.
අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල විවෘත කරයි