(අංජුල මහික වීරරත්න)
මානව හිමිකම් චෝදනා ගැන කියමින් එක්සත් රාජධානිය පනවන සම්බාධක තරයේ හෙළාදකින බව පොදු ජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
"සම්බාධක මානව හිමිකම් ආරක්ෂා කරමින් එකීය රටක සමගියෙන් ජීවත් වන්නට තම ජීවිත පවා අභියෝගයට ලක්කරමින් කටයුතු කළ රණවිරූවාට පමණී. එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව කිසිදු සම්බාධකයක් නොමැත. මේ ත්‍රස්තවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වන විවිධ කණ්ඩායම් වල බලපෑම් වල ප්‍රතිඵලයකි.
මෙය යුක්තිය නොවන අතර අප ජාතියේ සංහිඳියාව අනතුරේ හෙලමින් අද අප භුක්ති විඳින නිදහස දැඩි හා සෘජු තීරණ වල ප්‍රථිපලයක් බව උතුරේ, දකුණේ ජනතාව තේරුම් ගත යුතුය යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කොල්ලාට රන් කිරි එරෙන්න යන්නේ... අපි නොදන්නා රාජපක්ෂලා..!
මේකට ඕවා ලියලා දෙන මනුස්සයා කරන ආත්ම වංචාව ලක්ෂ ගණන් පඩි අරගෙනවත් වහගන්න බෑ.
එස්එෆ් කුදලාගෙන ගිහිං හිරේ දානකොටත් හෙළා දැක්කද? නොදැක්කා වාගෙ අහක බලං හිටියද?
සරත් ෆොන්සේකා තමයි ප්‍රධාන වෙන්නේ...
හෙලා දකින්න තරම්වත් කොන්දක් මේ පාණ්ඩුවට නෑ. එච්චරට මජරයි. කයියනම් තියෙනවා.
SF විතරක් නෙමෙයි, වැලිඔය යුද ජයග්‍රහණයේ වීරයා බ්‍රිගේඩියර් ජානක පෙරේරා විරුද්ධ පක්ෂයකින් ඡන්දයට ඉදිරිපත් වුණා කියලා ආරක්ෂාවට හිටිය සෙබළු අයින් කරලා LTTE මරාගෙන මැරෙන ටාගට් එකක් කලේත් ඔය අප්පුච්චා ඒ දවස්වල, තම පක්ෂයේ කෙනෙකුට කරපු දෙයක් වුණත් අද ඒක ගැන කටක් අරින්නේ නැහැ...
අනේ ඔබලාගේ රණවිරු කරුණාව. ඒ කාලේ රණවිරුවන් යොදා ගෙන අරලියගහ මන්දිරිය තුළ කොතරම් පහත් විදියට සැළකුවාද කියා මුළු රටම දන්නවා. අනික ඔබලා රණවිරුවන්ව තියාගෙන හිටියේ ඔබලාගේ ගෙදර වැඩවලට. දැන් මොකකින් හරි ගොඩ යන්න බලාගෙන කටට එන හැම එකක්ම කියවන්න එපා.
එල්ලෙන්න වැලක් නැතුව හිටිය නාමල්ට දිරච්ච ලණුවක් හම්බවෙලා, දැන් ඕවාට රැවටෙන ප්‍රමාණය අතේ ඇඟිලි ගණනටත් වැඩිය අඩුයි. ඒ නිසා වෙන ටොපික් එකක් හොයා ගන්න ඡන්දය කරන්න...!
ආසියාවේ ආශ්චර්ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවගේ මොලේ විකාර වෙලා මරු කියවනවා.
මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කරපු උන්.රණවිරුවන්ට සළකපු විදිය අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .
දළදා මන්දිරය ඉදිරිපිට කාර් රේස් යන්න වැලි කොට්ට අදින්න රණවිරුවන් යොදා ගත්තා. දූෂිත පවුල් පාලනේ අය හිතාගෙන හිටියේ රණවිරුවෝ කියන්නේ ඔවුන්ගේ වහල්ලු කියලා...
පොහොට්ටුවේ සංවිධායක වශයෙන් වහාම පාද චාරිකාවක් මෙය හෙල දැකීමට බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයට යන්න, ඔබගේ සංවිධායක ශක්තිය පෙන්වන්නත් එක්ක.