
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය රජයන් ලබා ගත් ණය මුදල්වලින් කෝටි විසි දෙලක්ෂයක් (ට්‍රිලියන 22ක්) ආගිය අතක් නැතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
මේ මුදල කිසිදු පොතපතක වාර්තාවක සඳහන් නොවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා විගණකාධිපතිවරයා සහ දැනුම ඇති කණ්ඩායම් සම්බන්ධ කරගෙන දශක ගණනාවක් පිටුපසට ගොස් මේ තොරතුරු සොයා ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පිළිබද විවාදයේදීය.
ආගිය අතක් නැති මෙම මුදල රටේ ශේෂ පත්‍රයේ පැහැදිලිව තිබෙන බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇතැයිද එදා හිටපු අය රට කළමනාකරණය කළ අාකාරය මින් පැහැදිලිවම පෙනී යන්නේ යැයිද ඔහු සඳහන් කළේය.
එසේ කළමනාකරණය කළා නම් එම ණය අදාල වාර්තාවල සටහන් විය යුතු බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ණය මුදල් නිසි ලෙස විගණනයකට භාජනය කළේ නම් ඒවායේ විනිවිදභාවය රටට හෙළි කළේ නම් අද මෙවැනි තත්වයක් උදා නොවන බවද සඳහන් කළේය.
ආගිය අතක් නැති මෙම මුදල් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට වර්තමාන රජය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් සමහර තොරතුරු හොයන්න දශක ගණනාවක් පිටිපස්සට යෑමට සිදුවන බවත් හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය
ඒ සඳහා විගණකාධිපති සම්බන්ධ කරගෙන දැනුම තියෙන පිරිස් සම්බන්ධ කරගෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බව පැවසූ හෙතෙම එදා හිටපු දේශපාලඥයන් රට කළමනාකරණය කරන්නේ යැයි පවසා ඉවක් බවක් නැතුව ණය අරගෙන කරපු වැරදි දේවල් නිවැරදි කරගෙන යන බවද ප්‍රකාශ කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහෝ කෙඳිරිගාන්නේ නැතිව ඔයින් එක ට්‍රිිලියනයක් හොයා ගනිල්ලකෝ, රට ගොඩගන්න වැඩිත් එක්ක. හොරු අල්ලන්න ජනාධිපතිකම ඉල්ලුවා, දුන්නාම ඒක මදි කියලා පාර්ලිමේන්තුව ඉල්ලුවා දුන්නා. මදි කියලා තරමක් හරි පළාත් පාලන බලය දුන්නා. තාමත් හිගන්නෝ වගේ බලය හිඟනවා හොරු අල්ලන්න. මේ වගේ පච රැළක් ලොවෙත් නැහැ..
ඉස්සෙල්ලාම විගණකාධිපති කෙනෙක් පත් කරගෙන ඉන්න. ගොට්ටෙක් නැතිව නියම සුදුසුකම් තියන කෙනෙක් දාන්න...
හා හා අපි පැමිණිලි දාලා උසාවියට ගිහින් හොරුන්ව අල්ලන්නම්. එතකන් ඔයාලා තව ණයටිකක් ගන්න.
මෙන්න තවත් පරම සත්‍යයක්...
උගන්ඩාවේ තිබෙනවා කිව්වේ ඒ ට්‍රිලියන 22 නෙමෙයිද? උගන්ඩා දේවිගෙන් අහලා බලන්න.
රාජපක්ෂලාගෙන් ඇහුවොත් කියයි කොහේද තියෙන්නේ කියලා...!
ඔවු දශක කීපයක් පස්සට ගිහින් හොයන්න, කොටි සහ ජවිපෙ ත්‍රස්තවාදීන් හවුලේ මේ රටට කරපු හානියේ ඉඳලා ගණන් බලන්න. නිකරුනේ රාජ්‍ය සේවයට බඳවා ගන්න බලකරලා ආණ්ඩු වට්ටලා හොඳ ප්‍රතිපත්ති විනාශ කරලා දාපු ඒවායේ හානියත් ගණනය කර බලන්න. වැඩ වර්ජන නිසා රටට වුණු හානියත් අන්තිම සතේට ගණන් බලන්න.
මේ මිනිහාට ආචාර්ය හර්ෂ ගණන් හිලව් ඇතුව පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව කියලා දුන්නා. ඒක පිළිගන්නේ නැතිනම් පච කියන ඡන්ද හිඟන්නෙක් තමයි.
ඩ්‍රයිවර්ලා, ඉන්ෂුවරන්ස් ඒජන්ට්ලා, ජීවිතේට රස්සාවක් නොකරපු මෝඩ පුත්තු, හන්දිවල රස්තියාදු ගගහා හිටපු මෝඩ චන්ඩි, කසිප්පු කාරයෝ, පචවංශලා, කුඩු වෙළෙන්දෝ සුදු ඇඳගෙන මාලිගා වගේ ගෙවල් හදාගෙන, කෝටි ගණන් වටිනා වාහන අරගෙන, රට සවාරි ගිහින් සහ තව මෙකී නොකී දේවල් කරගෙන, කෝටිපතියෝ වෙලා තියෙන්නේ ඔය සල්ලිවලින්...
පළපුරුද්ද තියෙන අයනේ. හොයාගන්න ලේසි වෙන එකක් නෑ...
දන්නේ නැති නම් මම කියලා දෙන්නම් ඕකෙන් කොටසකට වුණු දේ, අවශ්‍ය පමණට වැඩිය තුන්ගුණයක් සිටින අකාර්යක්ෂම දුෂිත බහුතරයක් සිටින රජයේ සේවකයින්ගේ නඩත්තුව ඔවුන්ගේ වැටුප් ගෙවීම වැනි දේවල්වලට මෙම මුදල් වලින් විශාල කොටසක් වියදම් කර ඇත. තව ප්‍රමාණයක් දේශපාලකයින් සහ රජයේ නිලධාරීන් විසින් සොරකම් කර ඇත. 10%ක ප්‍රමාණයක් සංවර්ධන වැඩට යොදවා ඇත. දැන් ඔබලා කරන්නෙත් ජනතාවගේ බදු මුදැල් විනාශ කරමින්, තිබෙන ණය කන්දට තවත් ණය එකතු කරමින් ඔය කියන රජයේ නිලධාරීන් ප්‍රමාණය වර්ධනය කරමින් පඩි වැඩි කරමින් පෝෂණය කිරීම පමණි. ආර්ථිකය ගොඩ නගන්න නම් කළයුත්තේ මෙම නිලධාරීන්ගෙන් අවම වශයෙන් 50% වත් ගෙදර යැවීම හෝ ඔවුන් ප්‍රතිව්‍යුහගත කරගැනීමයි.
පච කෙලින එක ජොබ් එක කරගත්තාම ඕන දෙයක් කියවන්න පුළුවන්. මේක බොරුවක් කියලා එවෙලේම හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා. කතාවක් කරාන්න කලින් කරුණු හොයලා බලන්න ඕනෑ කියලා මොවුන්ට කියලා දෙන්න එකෙක් නැති හැටි...
ඒක අපි දැනටමත් දන්නවා.. හිටපු මැති ඇමැති ගොල්ලන්ගේ එකවුන්ට් බලන්න. වත්කම් බලන්න.. උත්තර එතැන තියෙනවා..
කොහොම හරි හොයන්න, ඔයාලාව එව්වේ ඒකට...
පචම කිය කිය ඉන්න එපා. ඉඳලා හිටලා ඇත්තකුත් කියන්න.
ට්‍රිලියන 22 ක් කියන්නේ ඩොලර් බිලියන 73 ක්. අපේ මුලු විදේශ ණය එකතුව ඩොලර් බිලියන 39 යි. ඉලක්කම් හරිද?
මේ මුදල් නැති වුන ප්‍රශ්නයට. මෙතන් ඉන්න. කට්ටියට ඇයි ඔයතරන් කේන්ති යන්නෙ. බොරු නම් වලින්. හොරාකාපු ගොබ්බරැලගෙ නූගතුන් ටික වෙන්න ඇති මේ. තමන්ගේ පසුම්බිය නැතිවුණාම රුපියල් 50 කුත්... එක්ක කොහොමද හිතට එන දුක. මේ ට්‍රිලියන් ගණනින් නැතිවෙලා තියෙන්නෙත්. ජනතාවගේ සල්ලි කියලා අමතක කරන්න එපා මෝඩයිනේ. උබලාට හොඳම... කඳුලු ගෑස් ගහන පිනයි නාකිමයිනයි. හොරා කද්දී බෙදාගෙන කන්නේ. ලබන ආත්මේ... අනිවාර්යයෙන් කැහැටු බල්ලෙක් වෙනවාමයි.
මේක හරියට ලක්ෂ 50ක් විතර වියදම් කරලා ගෙයක් හදලා බැංකුවේ සතයක්වත් නැහැ කිව්වා වගේ කතාවක්. මෙහෙම මෝඩයින් තමයි මාලිමාවේ ඇමැතිලා...
මාලිමාවේ ඇමැතිවරයෙක් කියා සිටියා රුපියල් ට්‍රිලියන 20ක ණය අරගෙන ඒවා ආ ගිය අතක් නෑ කියලා. හැබැයි ඒක එහෙම නොවෙයි. ණය ගත්තාට ඒ වත්කම් තිබෙන්නේ වෙන වෙන ආයතනවල. මහවැලියට ණය ගත්තා නම් එය මහවැලි ආයතනයේ වත්කමක්. මහාමාර්ග දෙපාර්තමේන්තුවට ගත්තා නම් ඒක ඒ ආයතනයේ. කවුරුත් ට්‍රිලියන 20ක් හොරකම් කරලා නොවේ. මෙහෙම මෝඩයෝ තමයි මාලිමාවේ ඇමතිලා...