
(ගයාන් සූරියආරච්චි)
මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පැවැසීය.
අලහප්පෙරුම මහතා මෙසේ පැවැසූවේ අද (10) ‘නිදහස‘ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසීය.
නව වසර උදාවී දින 90 කින් නිශ්චිත වශයෙන් පනතට අනුව ජනාධිපතිවරණය නිවේදනය කළ යුතුයි. දින 114 කින් නාම යෝජනා කැදවීමට සිදුවෙනවා. නව අවුරුදු උදාවී දින 176 කින් පමණ 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි.
මා මෙරට පුරවැසියන්ගෙන් සහ පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ රට විකුණන න්‍යාය පත්‍ර ගැන දෙසැරයක් හිතන ලෙසයි.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඒකාධිපතිත්වයට අතවැනීමක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් දා ඔහුගේ නිවෙස ඉදිරිපිට බැනරයක් ප්‍රදර්ශනය කරමින් පවසා සිටියා.
මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. මත යැපෙන ආණ්ඩුවක්. එම න්‍යාය පත්‍රයට එරෙහිව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලුම බල කදවුරුවලට අප හා එක්වන ලෙස මා ආරාධනා කරනවා යැයි අලහප්පේරුම මහතා පැවැසීය.
COMMENTS
අනේ උන්නැහේ දැන් ඔහේ නිකන් බබා වෙන්න හදනවා. ගෝල්ෆේස් එක ඉස්සරහ තිබුණු හමුදා මූලස්ථානය විකුණනකොට ඔහේ හිටියේ කොහේද? රාජපක්ෂලා ගෙනාපු හැම පනතකටම අත්දෙකම උස්සපු ඔහේ දැන් එනවා මෙතන කිඹුල් කඳුළු හෙලන්න. ඊළඟ ඡන්දෙන් පස්සේ ඔහෙත් ගෙදර...!
ජෙප්පෝ රට බංකොලොත් කරලා විකුණනවා නේද, හොඳ වෙලාවට මහින්දලා රනිල්ලා ඔයගොල්ලෝ ඉන්නේ රට බේරගන්න
වේලපහින් රට නැත්තටම නැති කරන්න උදව් කරපු කෙනෙක් නේද මේ කියන්නේ ?
ලෝකයේ වහල් වෙළදාම තියෙන කාලෙක මම ජනාධිපති වුණොත් මුලින්ම කරන්නෙ මේ රට අගාධයට ඇද දැමූ තමන් පමණක් හරි කියන සියලු දේශපාලුවො හා වංචා දූෂණ කරමින් තමන්ගේ මඩිය තරකර ගන්නා නිළධාරින් රොත්තම රටේ ප්‍රජා අයිතිය අහෝසි කර වහලුන් හැටියට විකුණා දැමීමට කටයුතු කිරීම තමයි.....
අධ්‍යාපනය විකුණන්න එන්එස්බීඑම් කියන ඊනියා හරිත විශ්වවිද්‍යාලය දාපු මිනිහා දැන් රට විකුණන එක ගැන කතා කරනවා. මොනතරම් උත්ප්රාසයක්ද!
එදා රජ පවුලත් සමඟ එකතු වී චීනයට රට විකිණීම ඇරඹු වෙලාවෙ නිදාගෙන ද හිටියෙ.
ඩලස් අලහප්පෙරුමට තියන ආර්ථික කළමනාකරණ පුහුණුව සහ පළපුරුද්ද මොකක්ද ?නිකම් දොඩවනවා