IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්

(අංජුල මහික වීරරත්න)

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාවට නැංවීම සඳහා පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ මූල්‍ය සහාය ලබා දීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සිය කැමැත්ත පළ කර ඇත. 

යෝජිත පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති 10ක් හඳුනාගනු ලැබ තිබේ. ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ලබා දීමට නියමිත ඇමෙරිකා ඩොලර් මිලියන 10ක ඇපකර පහසුකමක් ද සහිතව ලෝක බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන 40 ක් ද ආසියා සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකා ඩොලර් මිලියන 30 ක් ද මේ යටතේ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. 

ඒ අනුව, ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුව විසින් එක්ව පිරිනමනු ලබන පුර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ යෝජිත ග්‍රිඩ් උපපොළ සංවර්ධනය කිරීම පිණිස ඇමෙරිකා ඩොලර් මිලියන 60ක ආයෝජන පැකේජය ලබා ගැනීමට සහ ඇමෙරිකා ඩොලර් මිලියන 10ක් වූ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් අනුග්‍රහය ලබා දෙන අවදානමෙන් සුරක්ෂිත කිරීමේ ඇපකර පහසුකම ලබා ගැනීමට අදාළව ඉදිරි පියවර ගැනීම පිණිස බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27510 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18178 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10880 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 639 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 192 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 849 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site