IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


රට පැන්න කොස්තාපල්ට සහය දුන් අය ගැන තොරතුරු එළියට

(ගයාන් සූරියආරච්චි)

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 රැගෙන ගොස් එම ගිනි අවිය අපරාධ කල්ලි සාමාජිකයන්ට ලබාදුන් කොස්තාපල්වරයාට ආධාර අනුබල දුන් තවත් පොලිස් නිලධාරීන් කීප දෙනකු පිළිබදව තොරතුරු අනාවරණය වී ඇති බවත් එම නිලධාරීන් ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

දැනට විදේශ ගතවී සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ඉහළගමගේ දර්ශන නොහොත් ‘අයි.ඩී‘ නැමැත්තාගේ මෙහෙයවීම මත ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයා එම ගිනි අවිය රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඩුබායි රාජ්‍ය්‍යට පලාගිය කොස්තාපල්වරයා එම ගිනි අවිය සහ උණ්ඩ බඩෝවිට, බටපදුර ප්‍රදේශයේ සගවා තිබිය දී ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේදී පෙරේදා (17) අත්අඩංගුවට ගත් සූපවේදියා විසින් එම ගිනි අවිය සහ උණ්ඩ තොගය රැගෙන ගොස් පාළු ඉඩමක සගවා තිබියදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සූපවේදියා සහ ගිනි අවිය අත්අඩංගුවට ගනු ලැබීය.

එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

එම සැකකරුගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘අයි.ඩී‘ නැමැත්තාගේ සමීපතම ගෝලයකු බවය.

බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මන මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (1)

රට පැන්න කොස්තාපල්ට සහය දුන් අය ගැන තොරතුරු එළියට

රනේ Tuesday, 18 February 2025 04:24 PM

ඩුබායි තමයි මේ ගොල්ලෝ ඔක්කොටම ගැලවුම.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site