IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’රට ත්‍රස්තයන්ට’’ එරෙහි වෙන්න අලුත් නීතියක් එයි

(අංජුල මහික වීරරත්න)

විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා - පැසිෆික් කලාපයේ සාමාජිකයකු වශයෙන් මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය විසින් සකස් කරන ලද මුදල් විශුද්ධිකරණය, ත්‍රස්වාදයට මුදල් සැපයීම සහ ව්‍යාප්ත මූල්‍ය කරණයට එරෙහි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට සහ බලාත්මක කිරීමට කැප වී සිටී. 

තව ද එහි සාමාජිකත්ව නීති වලට අනුකූලව මුල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ ප්‍රමිතීන්ට අනුකූල වීමේ මට්ටම තීරණය කිරීම සඳහා සෑම වසර 6 කට වරක් "අන්‍යෝන්‍ය ඇගයීම්" නමින් හැඳින්වෙන අන්‍යෝන්‍ය සම සමාලෝචන ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව යටත් වේ. 

ශ්‍රී ලංකාවට අදාළ 3වන ඇගයීම සඳහා සකස් කරනු ලැබ ඇති ක්‍රියාකාරී සැලැස්ම අනුව, විදේශ කටයුතු විෂය බාර අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට සහ දේශීය නීති සම්පාදනය මඟින් එම යෝජනාවේ විධි විධාන බලාත්මක කිරීමට කටයුතු කළ යුතු වේ. 

ඒ අනුව, 2026 මාර්තු මාසයට පෙර විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් පිළිබඳ නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. එබැවින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) පදනම් කරගෙන විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම පිණිස නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.



අදහස් (2)

’’රට ත්‍රස්තයන්ට’’ එරෙහි වෙන්න අලුත් නීතියක් එයි

Asanga Wednesday, 28 May 2025 10:20 AM

කොටි ත්‍රස්තවාදීන්ට කඩේ යන මේ ආන්ඩුව මේ දේවල් කරන්නේ කෙසේද?

:       1       1

ගුණරත්න Wednesday, 28 May 2025 02:52 PM

ඉබ්‍රාහීම් නානා වගේ ත්‍රස්ත පවුල් ගැන මොකද? ඒ කාලකණ්නි කරපු ආර්ථික හානිය මගහැරෙන්න තව අවුරුදු දෙකක්වත් යාවි කියලා... මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයෙක් කියා තිබුණා, මේ පත්තරේම ඒ ප්‍රවෘත්තිය තිබෙනවා. මියගිය මිනිසුන්ට වුණු හානිය මොනම විදියකට ගෙවන්න බැහැ. නානා ගේ ත්‍රස්ත පුත්තු මරාගෙන මැරෙන්න කලින් ඔවුන්ගේ සියලුම දේපල ඔවුන්ගේ පියාට හරවා තිබෙනවා. හරි නම් ඒ සියලු වත්කම් අර මැරුණු මිනිස්සුන්ට වන්දි ගෙවන්න පවරාගන්න ඕනෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site