
(අංජුල මහික වීරරත්න)
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්‍රචාරයක් යවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් මෙම ප්‍රචාරය සිදුකර ඇතැයි ද කාර්යාංශය කියයි.
විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක්, දිවයිනේ පිහිටි ඕනෑම කාර්යාංශයේ කාර්යාලයකට යොමුකරන ලෙස අදාළ වීඩියෝව මගින් ප්‍රචාරය කර තිබෙන බව කියන කාර්යංශය එවැනි නිවේදනයක් කිසිඳු අවස්ථාවක නිකුත් කර නොමැති අතර, වංචනික ක්‍රියාවට හසුනොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද පවසයි.
මෙවැනි බොරු ප්‍රචාර යවන අයට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කරන බවද කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රට ගිය ඇත්තන් රවටන්න බොරු වීඩියෝවක් හදලා
රම්බොඩ Saturday, 12 April 2025 12:18 AM
කොහොමත් විදේශ සේවා එකෙන් එහෙම දෙයක් නොකරන වග කවුරුත් දන්න නිසා ඒ ගැන කළබල විය යුතු නෑ.
de silva Saturday, 12 April 2025 10:06 AM
විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රමිකයන් සූරාකන, පස්සෙන් එලවාගෙන ගිහින් දඩ ගහන, එම මුදලින් නිලධාරීන් පෝෂණය වන ආයතනයක් මිසක්, ශ්‍රමිකයාට ප්‍රතිලාභයක් නොවන ආයතනයක් බව කවුරුත් දනිති. මේ බව කොරෝනා ව්‍යවසන අවස්ථාවේ පැහැදිලිවම දකින්න ලැබුණා. නමුත් මෙවැනි බොරු කියා අසරණ ශ්‍රමිකයා නිකරුනේ රස්තියාදු කරන ඉතා පහත් ක්‍රියාවකි..
Nihal Saturday, 12 April 2025 10:31 AM
රජයේ අනුමත ගාස්තුවට වඩා තුන් හතර ගුණයක් රුමේනියාවට සයිප්‍රස් ඇතුළුව රටවල් ගණනාවකට අය කරනවා.. කිසිඳු නීතිමය පියවරක් නෑ. මේවාට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට හැකියාව ජනතාව දැනුවත් කිරීම යහපත්ය...