(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් බවත් රටේ වගකීම බාර ගැනීමට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සූදානම් බවත් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.
සමගි ජන බලවේගය රටේ සෑම මැතිවරණ කොට්ඨාසයකම බල මණ්ඩල පවත්වා අවසන් බවත් ඕනෑම වෙලාවක මැතිවරණයට සූදානමින් තම පක්ෂය කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන "දිනන ඇරඹුම" තේමාවෙන් සැප්තැම්බර් 16 සහ 17 දා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරු සහ සංවිධායකවරු එක්ව මාතරින් පක්ෂයේ ශාඛා සමිති, කාන්තා සමිති , තරුණ සංවිධාන පිහිටුවන වැඩපිළිවෙල ආරම්භ කරන බවත් මෙම වැඩපිළිවෙල ඉදිරි කාලය තුළදී රට පුරා දියත් කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
COMMENTS
"දිනන ඇරඹුම" කුමන නම් හෝ තේමා පාඨවලින් පැමිණියත් රටේ පුරවැසියන් වර්තමාන දේශපාලනයෙන් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන්ට ඡන්දය ලබා නොදෙනු ඇත. පුරවැසියන් බලාපොරොත්තු වන්නේ විපක්ෂය බලයට පත්කරන්නා වූ වෙනසක් නොවේ. සමස්ත දේශපාලන ක්‍රමවේදයේ වෙනසකි...
රට්ටු හිනස්සන කතා නොකියා ඉන්නවාද?
මේ රට බාරගන්න එමට කට්ටිය ඉන්නවා. ඒත් දීපු වගකීම් කරපු කෙනෙක් නම් හොයන්න අමාරුයි. වගකීම් ගන්න පෝලිමක් හැදිලා ඉන්නවා. බාරදෙන්න තම මිනිස්සු නම් සුදානමක් නැති පාටයි. නමුත් අන්තිමට කාටහරි ඩීල් දාලා ආයෙ වැඩේ සිද්ද කර ගනීවි.
ඔහෙලා ඡන්දෙට සූදානම් වුණාට අපි ලැහැස්ති නැහැ... ඔහෙලාට ඡන්දෙ දෙන්න...
"සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයට රට බාරදෙන්න", පඹයකුට රට භාර දෙන්න රට සුදානම් නැහැ.
මෙයත් අර අන්දරේ වෙලේ තිබුණු ගලඋස්සගෙන යන්න පුළුවන් කිව්වා වගේ කතාවක් තමයි කියන්නේ... ඡන්දෙකින් දුන්නොත් විතරයිලු වගකීම් බාරගන්නේ... කවදාවත් මෙයාට ඡන්දෙකින් දිනලා ආණ්ඩුවක් පිහිටුවන්න බැරි බව එයා දන්නවා ඇති. ලබන ඡන්දෙදි මෙයාගේ කණ්ඩායම 10 කට වැඩ අඩුවෙනවා. එය ඒකාන්තයි. පව් හිතෙනවා...
සජිත්ට රට භාර දෙන්න අපි සුදානම් නැත.
නැතුවට කමක් නෑ. ඡන්දෙ දීමට සුදුස්සා ඉන්නවා...
එහෙම පේන්නේ නම් නැහැ...
පහුගිය වසරේ කළේ නැත්තේ ඇයි?
කවදාද?
කවදාද?
අනේ දන්නා දේ කරන්නකෝ , රට හාරා දියුණු වෙන්න , කිසිම වගකීමක් ගත්තොත් අපි අමාරුවේ .
නිවන්සුව
තාත්තා ජනාධිපති වුණා කියලා මෝඩ පුතාලා හිතන් ඉන්නේ ඒ අයත් ජනාධිපති වෙන්න පුළුවන් කියලා.
රටේ සියල්ලන්ටම අබ සරණයි
නෝ තෑන්ක්ස්...!!
බාරගන්න සුදානම් වුණාට එයාට බාරදෙයි කියලාද හිතන්නේ... හි හී...
උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු කියලා වගකීම හරි අපූරුවට ඉෂ්ඨ කළ හැටි අපි දැක්කා හලෝ...!
අනුර සහ සජිත් කවදාවත් රටේ නායකයෝ වෙන්නේ නැහැ.
තාත්තාගෙන් පුතාට දේශපාලනය නතර කරමු...!
නිකං දුන්න වෙලාවෙත් පැනලා දිව්ව මිනිහා ඡන්දෙකින් දිනන්න පුළුවන්ද? ගොන් කතා කියන්නේ නැතුව හිටියොත් හොඳයි. මිනිස්සුන්ට හිනහ වෙන්න ඕනෑ තරම් දේවල් තියෙනවා. තව අවශ්‍ය නෑ.
බාරගන්න කවුද ඡන්දේ දෙන්නේ..?
බස්වල නැගලා ගිය පලියට ඩ්‍රයිවින් පුරුදු වෙනවද? මළාට ඩ්‍රයිවින් සීට්එකේ ඉඳගෙනවත් නැහැ. අපට නම් බැහැ විහින් මැරෙන්න...
අම්ම අප්ප ලැවරියා වික්කා මූ රට විකණනවා.. ලැවරියා දාස ලා..
වෙන කෙනෙක් නෑ... සජිත් තමා රටට හොඳ.., ඔක්කෝම අය එක පක්ෂයකට එකතුවෙලා දිනන්ට ඕනෑ.. පරණ අලියා ලකුණින්ම සජිත් එනවා නම් හිතට දැනෙන ලකුණු...!