
(අංජුල මහික වීරරත්න)
වත්මන් ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකයේ කැණි මඩලට හෙණ ගසා ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදී අද(26) පැවසීය.
ආර්ථිකයේ කැණි මඩල ලෙස හඳුන්වන
මූල්‍ය ක්ෂේත්‍රට සහ බලශක්ති ක්ෂේත්‍රයට මෙලෙස හෙණ වැදී ඇතැයි කී රණවක මහතා මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදලක් රටට අහිමි වීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් යැයි ප්‍රචාරය කරන්නේ ඊට අනුමැතිය දුන් නිලධාරීන් පිරිස සහ ලේකම්වරයා ගලවා ගැනීම සඳහා බවද පැවසීය.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ සංවිධාන කළ මෙම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් චම්පික රණවක මහතා මෙසේද පැවසීය.
ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්තට අනුව මෙික හැකර්ලාගේ වැඩක්.ඔවුන් පැහැදිලි කරන මේ කාරණා අනුව මෙය " ෆිෂින් ඇටෑක්" එකක් හෙවත් බිලී පිත්තක් දමා ධනය නමැති මාළුවා බා ගැනීමේ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.
මේ හැකර් කතාව චේතනාන්විතව කියන කතාවක්.හැකර්වරු අදාල පුද්ගලයන්ගේ දැනුවත් වීමකින් තොරව මුදල් හෝ දත්ත සොරා ගන්නවා.නමුත් මේක එහෙම දෙයක් නොවේ.
වාර්තාවන අන්දමට අඩුම තරමින් පස් දෙනෙක් හෝ 18 දෙනෙක්ගේ අනුමැතියකින් පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමට ලේකම්වරයා සිට දැනුවත්ව වූ ක්‍රියාවලියක්.හැකර්වරයෙක්ගේ ක්‍රියාවලියේ සහ මෙහි ලොකු වෙනසක් තිබෙනවා.
ඉතා පැහැදිලිව අපට පෙනෙන අයුරින් මේ අනුමැතිය දුන් නිලධාරීන් පිරිස සහ ලේකම්වරයා ගලවා ගැනීම සඳහා මේ හැකර් කතාව ප්‍රචාරය කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමන්ට පුලුවන් හෙන ගහපු විදිය කොමිසමට කියන්න...