නිරෝෂණ කුමාර
අධික උෂ්ණත්වයත් සමග දහඩිය දැමීමෙන් හා සැඩ හිරු කිරණ ශරීරයට පතිතවීමෙන් චර්ම රෝග පැතිරීමේ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පවසයි.
අධික ලෙස දහඩිය දැමීමෙන් දහඩිය බිබිලි ඇතිවිය හැකි අතර දරුවන්ට එය බහුලව පැවතීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව ද ඩහදිය දැමීමත් සමග ශරීරයේ ඒවා එකතුවෙන තැන්වල දිලීර ආසාදන ඇතිවීමෙන් ඉකිලි හා කිහිලි ප්‍රදේශ කැසීමට ලක්වන බවද ඇය සඳහන් කළාය. මේ දිනවල එය තදින් දැනෙන ආකාරයක පවතින්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකුට පෙන්වීම වැදගත් බව ඇය පෙන්වා දෙයි. එවැනි තත්ත්වයකදී තමන් හිතුමතේ ඖෂධ ලබාගැනීම අවදානම් බවද වෛද්‍යවරිය සඳහන් කළාය.
විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට වැඩි දුරටත් මෙසේද සඳහන් කළාය.
“උෂ්ණයත් සමඟ අධිකව දහඩිය දැමීමෙන් කුඩා දරුවන් රක්ත රෝගවලට මුහුණදීමේ අවදානමක් පවතිනවා. කලින් එවැනි රෝගයක් තිබුණු අය ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. කුඩා දරුවන්ගේ ශරීරයේ සැරව බිබිලි ඇති විය හැකියි. ඒ ගැන සැලකිලිමත් නොවුව හොත් ඇස් යට බිබිලි ඇතිවීමෙන් දරුවන්ගේ ඇස්වලට ද බලපෑමක් ඇතිවිය හැකියි. ඒ නිසා අනිවාර්‌යෙන් ප්‍රතිකාර ලබාගත යුතුයි. එය දිලීර හා බැක්ටීරියා ආසාදනයක් නිසා පවුලේ අනිකුත් අයට ද බෝ වීමේ හැකියාව තිබෙනවා”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd