සුජිත් හේවාජුලිගේ

මහනුවර පාසල් ක්‍රිකට් තරගයක් (බිග් මැච්) අතරතුරදී සිදුවූ රිය අනතුරකින් සිසුන් දෙදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න ඉරිදා ලංකාදීපයට පැවසීය.

මෙම පරීක්ෂණයෙන් පසු පාසල් ක්‍රිකට් තරගවලට අදාළව විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය. මෙය ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් බවත් ඒ ගැන තමා අතිශයින්ම කණගාටු වන බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධ්‍යාපනඥයන් කිහිප දෙනෙකු  පැවසුවේ පාසල් ක්‍රිකට් තරග (බිග් මැච්) ඇතැම් දරුවන් උමතුවක් බවට පත් කර ගැනීම බොහෝ අනතුරුවලට හේතුවී ඇති බවය. 

මේ අතර දරුවන් දවල් කාලයේදී පාසල්වලින් පිටතට නොයැවීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු‍ම විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.