IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රටින් ගෙනා පළමු පොල් කිරි තොගය හෙට මුදා හරී

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට ගෙන්වූ පළමු  පොල් කිරි තොගය හෙට දිනයේ නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂා කටයුතු සිදු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය කියයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතියට අනුව ක්‍රියාත්මක කරනු ලබන කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මෙයයි.

මෙම තොගය, 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන( ශිතකල පොල් මද,පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන)ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ගෙන්වන ලද බව අමාත්‍යාංශය කියයි.

මෙම තොගය, පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදා ගැනීමට නියමිත අතර මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

එමෙන්ම මෙම තොගය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතන වලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතය.

තොගය විවෘත කිරිම හෙට (31)  උදෑසන 9.00 ට RCT සංකීර්ණය, ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදී සිදු කිරිමට නියමිතයි.

 

 



අදහස් (1)

රටින් ගෙනා පළමු පොල් කිරි තොගය හෙට මුදා හරී

සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 30 May 2025 04:54 PM

මේ ආණ්ඩුව යනකොට දේශීය කර්මාන්තත් වට්ටලා තව බිලියන ගණනක ඩොලර් අර්බුදයක් හදලා තමයි නික්ම යන්නේ....

:       4       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site