
(අංජුල මහික වීරරත්න)
රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය
මෙහිදී අධ්‍යාපන අංශය වෙනුවෙන් ඵලදායිතා තරගාවලිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය , රාජ්‍ය අංශය වෙනුවෙන් තරගාවලිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නිෂ්පාදන හා සේවා වෙනුවෙන් තරගාවලිය ආසියානු ඵලදායිතා සංවිධානයේ මහලේකම් ආචාර්ය ඉන්ද්‍ර ප්‍රදාන සිංහවිතාන මහතා විසින් ද ප්‍රකාශයට පත් පත් කෙරිණි.
"අපේ රට ආර්ථික වශයෙන් පහත වට්ටපු නිසා රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමටත් අපට සිද්ධ වුණා. ඒ නිසා උපාය මාර්ගික වශයෙන් ආයෝජන වැඩි කිරීමටත් තිරසර සංවර්ධනයක් සහතික කිරීමටත් තරගකාරීත්වය ඉහළ නැංවීමටත් ඵලදායීතාවය වැඩි කිරීම අත්‍යවශ්‍ය වෙනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
(ඡායාරූප සුමුදු හේවාපතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිනිය බොහොම හොඳයි. වැඩ වර්ජන කර්මාන්ත ශාලා කඩාකප්පල් කිරීම් තුලින් රට විනාශ වන බව දැන් පැහැදිලියි නේද.
දියුණු රටවල මිනිසුන් කාර්යක්ෂමව වැඩ කරනවා. පළමුව, ආයතන සංස්කෘතිය. දෙවැනිව, අවශ්‍ය සම්පත් ලබා දීම. තුන්වැනිව, විනයාගරුක හා නීතියානුකූල බව. සියල්ලම සමාජික හා පෞද්ගලික වගකීම් ඉටු කරනවා. ඒ නිසා, ප්‍රධාන වශයෙන්ම සේවකයෙකු තනි තැනක සිටින අයෙකුට ගරු කරමින්, තම වගකීම් ඉටු කළොත්, රට අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. එක අතකින් අත්පුඩි ගහන්න බෑ.
අවුරුදු 60ක් ගියා මේක තෙරුම් ගන්න...
හා..නේ ඇත්තද? අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ දේශපාලුවන්ට පන්දම් අල්ලලා පත්වීම් ගත්තු රජයේ සේවකයින් කියලා ඉන්න අයගේ පඩි දීමනා පුළුවන් තරම් වැඩිකරාම තමයි රට දියුණු වෙන්නේ කියලා...!!!
උදේ ඇවිත් අත්සන් කරලා ඉන්පසු කාර්යාලයෙන් එළියට ගොස් තමන්ගේ පුද්ගලික වැඩ ටික කරගෙන හවස ඇවිත් පොත අත්සන් කරලා ගෙදර යන රජයේ සේවකයින්ගේ වැටුප වැඩිකරලා ඔවුන්ට ගෙදර සිටම ඩිජිටල් තාක්ෂණයෙන් පොත අත්සන් කරන්න ක්‍රමයක් හදලා දෙන්න...