IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රටක් දියුණු වන්නේ මිනිසුන් දෙන නිෂ්පාදන දායකත්වයෙන්

(අංජුල මහික වීරරත්න)

රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පැවසුවාය.

ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය  2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව  අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර එහිදී  අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය 

මෙහිදී අධ්‍යාපන අංශය වෙනුවෙන් ඵලදායිතා තරගාවලිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  , රාජ්‍ය අංශය වෙනුවෙන් තරගාවලිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නිෂ්පාදන හා සේවා වෙනුවෙන් තරගාවලිය ආසියානු ඵලදායිතා සංවිධානයේ මහලේකම් ආචාර්ය ඉන්ද්‍ර ප්‍රදාන සිංහවිතාන මහතා විසින් ද  ප්‍රකාශයට පත් පත් කෙරිණි.

"අපේ රට ආර්ථික වශයෙන් පහත වට්ටපු නිසා රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමටත් අපට සිද්ධ වුණා. ඒ නිසා උපාය මාර්ගික වශයෙන් ආයෝජන වැඩි කිරීමටත් තිරසර සංවර්ධනයක් සහතික කිරීමටත් තරගකාරීත්වය ඉහළ නැංවීමටත් ඵලදායීතාවය වැඩි කිරීම අත්‍යවශ්‍ය වෙනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

(ඡායාරූප සුමුදු හේවාපතිරණ)

 



අදහස් (5)

රටක් දියුණු වන්නේ මිනිසුන් දෙන නිෂ්පාදන දායකත්වයෙන්

සිල්වා Friday, 16 May 2025 10:50 AM

අගමැතිනිය බොහොම හොඳයි. වැඩ වර්ජන කර්මාන්ත ශාලා කඩාකප්පල් කිරීම් තුලින් රට විනාශ වන බව දැන් පැහැදිලියි නේද.

:       1       13

maalaka Friday, 16 May 2025 11:59 AM

දියුණු රටවල මිනිසුන් කාර්යක්ෂමව වැඩ කරනවා. පළමුව, ආයතන සංස්කෘතිය. දෙවැනිව, අවශ්‍ය සම්පත් ලබා දීම. තුන්වැනිව, විනයාගරුක හා නීතියානුකූල බව. සියල්ලම සමාජික හා පෞද්ගලික වගකීම් ඉටු කරනවා. ඒ නිසා, ප්‍රධාන වශයෙන්ම සේවකයෙකු තනි තැනක සිටින අයෙකුට ගරු කරමින්, තම වගකීම් ඉටු කළොත්, රට අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. එක අතකින් අත්පුඩි ගහන්න බෑ.

:       0       5

Sameera Friday, 16 May 2025 01:39 PM

අවුරුදු 60ක් ගියා මේක තෙරුම් ගන්න...

:       0       3

PGPTHILAK Friday, 16 May 2025 02:37 PM

හා..නේ ඇත්තද? අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ දේශපාලුවන්ට පන්දම් අල්ලලා පත්වීම් ගත්තු රජයේ සේවකයින් කියලා ඉන්න අයගේ පඩි දීමනා පුළුවන් තරම් වැඩිකරාම තමයි රට දියුණු වෙන්නේ කියලා...!!!

:       0       5

de silva Friday, 16 May 2025 06:53 PM

උදේ ඇවිත් අත්සන් කරලා ඉන්පසු කාර්යාලයෙන් එළියට ගොස් තමන්ගේ පුද්ගලික වැඩ ටික කරගෙන හවස ඇවිත් පොත අත්සන් කරලා ගෙදර යන රජයේ සේවකයින්ගේ වැටුප වැඩිකරලා ඔවුන්ට ගෙදර සිටම ඩිජිටල් තාක්ෂණයෙන් පොත අත්සන් කරන්න ක්‍රමයක් හදලා දෙන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 674 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site