(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටක් ගැන ආයතන සහ විවිධ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන පුරෝකතන එහෙමම ක්‍රියාත්මක වන්නේ නැතැයි කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අප ආණ්ඩුව ලබාගෙන අත්පත් කර ගෙන තිබෙන තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත්. රට ආර්ථික, මූල්‍ය, දේශපාලන, සමාජමය වශයෙන් ස්ථාවර වන බව සියලුම දෙනා තේරුම් ගනිමින් සිටිනවා. යහපත් ආණ්ඩුකරණය ගැන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් සිටිනවා. රටේ තත්ත්වය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙනයාම වැදගත් පුරවැසියෙකුගේ වගකීමක්.ජාතිවාදය කියන්නේ මනුෂ්‍යත්වයට නොගැලපෙන දෙයක්. මේ සභාවේදීත් යම් සිද්ධීන් ජාතිවාදයට සම්බන්ධ කරගන්නවා. රටක් ගොඩ ගන්නා විට සියලුම දෙනා ව්‍යවසායකත්ව හැකියාව සහිතව ඉදිරියට ආ යුතුයි. ආයතන සහ විවිධ කණ්ඩායම් විසින් පුරෝකථන ඉදිරිපත් කරන්නේ විවිධ දත්ත මත. ඒ පුරෝකතන එහෙමම වන්නේ නැහැ. ලංකාවේ ආයෝජනය කරන්න එපා වැනි මත හදන්නට එපා. ඉදිරියේදී නිෂ්පාදනය ඉලක්ක කරගත් සංවර්ධන බැංකුවක් නිර්මාණය කිරීමටද අප කටයුතු කරනවා "යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
’’රටක් ගැන කියන පුරෝකතන එහෙමම වෙන්නේ නෑ’’
Asela Friday, 11 July 2025 04:57 PM
මාස 8ක් ඇතුළත කුමක් කීවත්, කුමක් කළත්, සියලු භාණ්ඩවල මිල දරාගත නොහැකි මට්ටමක පවතියි. සියලුම බයියෝ/ සජබයියෝ හෝ ජෙබයියෝට අවශ්‍ය වන්නේ ජීවන වියදම අඩු කිරීමට ක්‍රියාමාර්ග මිස හුදු කතා නොවේ...
ගුණරත්න Friday, 11 July 2025 05:13 PM
අපි දන්නවා, දන්නේ කොහොමද දන්නවාද? තමුන්නාන්සේලා ඒ කාලේ මවපු බිල්ලෝ ඔක්කෝම බොරු කියලා අද ඔප්පු කරලා තියෙනවා.
sene Friday, 11 July 2025 05:38 PM
උගත් කෙනෙක් මෙවැනි වගකීම් රහිත මැත කියන්න පෙලම්බවන්නේ? රටේ සහ අපේ අවාසනාවකි...
යෝගා Friday, 11 July 2025 06:14 PM
එහෙම පුරෝකථන ලැබිලා තියෙන්නේ රටේ වගකිව යුතු ඇමතිලා ටයි කෝට් දාගෙන නොදන්නා ඉංග්‍රීසි කතාකරන්න ගිහින් ලෝකෙටම විහිළුවක් වෙන නිසයි. එහෙම අමන ඇමැතිලායි ආණ්ඩුවේ පචයෝයි එක්ක රටක් දියුණු වෙයිද?
විපරමා Saturday, 12 July 2025 11:41 AM
හිටපු බලලෝබි, බඩගෝස්තරවාදී දූශිත දේශපාලුවන් මහා පරිමාණ හොරකම්, වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කරනකම් ඇස් කන් පියාගෙන හිටපු වහල්ලූ දැනුයි කුලප්පු වෙලා තියෙන්නේ...?
Tasika Saturday, 12 July 2025 12:20 PM
ඒ කාලෙ ලංකාවේ ඩොලර් එවන්න එපා කිය කියා ඇවිද්දා මතකද?
පිටරැටියා Saturday, 12 July 2025 01:17 PM
ආසියාවෙ ආස්චර්‍ය පෙන්වපු විදිය ලෝකයම දැක්කා. රටට යහපතක් වෙනවාට අකුල් හෙළන අය හිතාගෙන ඉන්නේ සදහටම නොමැරී ජීවත්වෙන්න ආපු අය කියලා...?