
(නිමල කොඩිතුවක්කු)
රජය සිසු පරපුර විනාශ කිරීමේ අදූරදර්ශී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරා යමින් සිටින බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් කියා ඉතිහාස විෂය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න උත්සාහ කරන බවත් මාලිමා රජයට බලය දුන්නේ මෙවැනි දේ වෙනුවට රටට ඔබින අධ්‍යාපනයක් ඇති කිරීමට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතාගේ උපදෙස් පරිදි සමගි ජන බලවේගයේ සමගි තරුණ සංවිධානය අනුරාධපුර යාය 11 ප්‍රදේශීය රෝහල අලුත්වැඩියාවට ලක් කොට නැවත රෝහල වෙත භාරදීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් කියා අද වන විට ඉතිහාස විෂය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න උත්සාහ කරන බවත් මෙයට විරුද්ධව සමාජයම කැලඹී පූජ්‍ය පක්ෂය ඇතුළු ආගමික නායකයන් ඊට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ ඉතිහාසයත් අපි දන්නවා. දැන් නැති දේවල් මවලා පෙන්නලා පිදුරු ගහේ හරි එල්ලිලා රට වල පල්ලට යවන්න ට්‍රයි එක නේද?
බොරු කියන්න එපා, ඉතිහාසය ගැටලුවට උත්තර දුන්න, ඔයා අප්ඩේට් නැහැ හැම අතින්ම, අර චැනල් වල නිවුස් බලල කතා ගොතන්නෙ නැතිව හරි දේ හොයාගෙන කතා කරන්න. නැත්නම් සදාකල් ඔතනම ඉන්න. අනෙක විනාශ කරන්න අධ්‍යාපනයක් තියෙනවද ඔහෙලගෙ කට්ටිය කරපු? නිකන් හැම එකටම මොනවහරි කියවල තමන්ගෙ මොලේ තරම පෙන්වන්න එපා
ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදලා. ළමයින්ට ජපන් බාසාවෙන් කතා කරලා පොරක් කියලා පෙන්වන එකම මදෑ?
හරි හමන් අධ්‍යාපනයක් තියෙන කෙනෙක්ද මේ කියන්නේ...?
එකක් පැහැදිළි කරන්නකෝ. වොයිස් කට් දෙන මෙයාගේ දුවව කවමදාකවත් රජයේ පාසලකට යවාවිද? එහෙම නැත්නම් පුද්ගලික පාසලකට හෝ ජාත්‍යන්තර පාසලකට යවාවිද?
ඔයාගේ නූගත්කම සහ නොහැයාව තමා ප්‍රශ්නය. අර බිරිඳ බලෙන් කරගෙන යන සෑලූන් එකේ කොන්ඩේ කප්පන්න යන්න. ඒක ඔයාට හොඳට ගැලපෙනවා.