
(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව පළමු අදියර යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් රාජ්‍ය නිළධාරීන් 68 දෙනෙකු සඳහා කන්ඩායම් දෙකක් යටතේ පාඨමාලාව ලබාදීමට නියමිතය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ මූළිකත්වයෙන් ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
න්‍යායාත්මක හා ප්‍රායෝගික පාඨමාලවක් වන මෙය දින 24ක් තූල සිදුකරන අතර එහි සම්පූර්ණ පාඨමාලා කාලය පැය 60කි.
2026 වසරේ මුළු දිවයිනම ආවරණය වන ලෙස දිස්ත්‍රික්ක 25ට පාඨමාලා 25ක් පැවැත්වීමට නියමිත අතර කන්ඩායමකට නිළධාරීන් 25 බැගින් නිළධාරීන් 625 දෙනෙකුට නොමිලේ අවස්තාව ලබාදීමට සැලසුම් කර තිබේ.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය නිළධාරීන්ට නොමිලේ සංඥා භාෂා පාඨමාලාවක්