
(අංජුල මහික වීරරත්න)
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව අවශයෙන් පිළිගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මුර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථික වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින්, '' පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබේ. එය ආර්ථීක, සමාජීය, පාරිසරික භා දේශපාලනික ඇතුළු සියලු අංශ නියෝජනය වන පරිදි පහත සඳහන් ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් යටතේ ගොනු කොට ඇත:
* පරිසමාප්ත ජීවිතයක් - සුව පහසු රටක්
* ගෞරවනීය ජීවිතයක් - සුරක්ෂිත රටක්
* නවීන ජීවිතයක් - පොහොසත් රටක්
* අභිමානවත් ජීවිතයක් - නොසැලෙන රටක්
එම ප්‍රධාන ක්ෂේත්‍ර 4 යටතේ උප ක්ෂේත්‍ර 40 ක් හඳුනාගෙන ඇති අතර, එම ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රතිපත්ති මූල ධර්ම සහ ගත යුතු ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, '' පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමටත්, සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ඔවුන්ගේ කාර්යයන් ඒ අනුව සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජයේ ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය
රට වැසිය Tuesday, 04 March 2025 01:33 PM
ඉතාම වැදගත් තීරණයක්, නමුත් ඉතාම සංකීර්ණ ප්‍රායෝගීක ක්‍රියාදාමයක් මෙය ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍යයි, එයට "ආණ්ඩුවට" නායකත්වය දිය හැකි යැයි විශ්වාස කරමු