
(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීමේදී සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව, රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබ ඇති පහත සඳහන් ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරියෙහි සැලසුම් රෙගුලාසි වලට අනුගතව, රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලි අනුගමනය කිරීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* සෙල්ලකතරගම නගර සංවර්ධන කටයුතු සඳහා අත්පත් කර ගනු ලැබූ ඉඩම් අතුරින් යෝජිත නගර සංවර්ධනයට අවශ්‍ය ඉඩම් වෙන් කිරීමෙන් පසු තව දුරටත් බැහැර කළ හැකි පිළිවෙලින් පර්වස් 42.03, පර්වස් 20.28 සහ පර්වස් 20.72 ක් වූ ඉඩම් කොටස් 3 ක් වසර 50 ක දීර්ඝකාලීන බදු පදනම මතබැහැර කිරීම සඳහා.
*දෙමටගොඩ ( 537 වත්ත) පිහිටි ඉඩමෙන් ප්‍රමාණය අක්කර 3 -රූඩ් 2 - පර්චස් 24.59 ක් වන ඉඩම් කොටස වසර 99 ක දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීම සඳහා.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජයේ ඉඩම් සංවර්ධනයට ආයෝජකයන් සොයයි
ගුණරත්න Tuesday, 08 April 2025 08:18 PM
කලින් ආණ්ඩු ඔහොම දෙයක් කරන්න ගියොත් මෙන්නෝ විකුණන් කනෝ ගාගා මැරෙන්න හදාපු උන් ටිකම මෙන්නෝ විකුණන් කනෝ