
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය අයවැයෙන් කිසිවකුත් අතහැර නැතැයි ද සියලු පීඩාවට පත් ජන කොටස් ආමන්ත්‍රණය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"සංඛ්‍යා ලේඛන වලට එහා ගිහින් අයවැයේ චින්තනය අධ්‍යයනය කරන ලෙස අප ඉල්ලා සිටිනවා.අපේ ඉදිරි ගමන් මඟ කුමන පදනමක සිට යනවාද? යන කාරණය අයවැයෙන් පෙන්වා දෙනවා.අප ඉදිරිපත් කර තිබෙන්නේ රනිල්ගේ ප්‍රතිපත්ති වල දිගුවක් බවට චෝදනා නගනවා.එම තර්කය ගොඩනගන විපක්ෂයට ඔවුන්ගේ චින්තනයක් පටලැවිලා. අපේ දැක්ම නම් ඔවුන්ට කොහොමවත් තේරෙන්නේ නැහැ යනුවෙන් අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි ඔව්. රට ඉඳන් එවන සල්ලි වලටත් බදු ගහල.
හපොයි ඔව්. රට ඉඳන් එවන සල්ලි වලටත් බදු ගහල.
බොහෝ දේශපාලනඥයන් පිළිගන්නේ නැහැ මේ අවුලට වගකිව යුතු ලොකුම වංචාකාරයෝ විපක්ෂ/ආණ්ඩුකාර සහ රජයේ සේවකයින් කියන දෙපාර්ශ්වයේම දේශපාලනඥයන් කියලා. රාජ්‍ය සේවයේ බර ජාතික භාණ්ඩාගාරයට බරක් වන නිසා, ශ්‍රී ලංකාවට වෙනත් පහත හෙලීමේ සාධකයක් අවශ්‍යද? දිනක්, මම රජයේ ආයතන/විශ්ව විද්‍යාල ප්‍රධානියෙකු මුණගැසුණා, එහිදී අංශ ප්‍රධානියා කිසිදු රාජකාරියක් නොමැතිව OT ලබා දෙනවා. 4.15 න් පසු රාජකාරියක් නැත්තේ ඇයි සහ මුළු මාසයටම පැය 245 ක් OT ලබා දීමට හේතුව මම ඇහුවා. සේවකයා ණය ලබාගෙන ඇති බවත් පවුල පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් නොමැති බවත් ඔහු සාධාරණීකරණය කළා. මේ රටේ වර්තමාන තත්ත්වය පෙන්වන උදාහරණයක් පමණයි මේක. මුළු විශ්වවිද්‍යාල පද්ධතිය තුළම පර්යේෂණ දීමනා ගෙවීම නාස්ති කිරීම විශාල වංචාවක්. කිසිම වියදමක් නැතුව 35% පර්යේෂණ දීමනාවක් ලබා ගන්නා අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මොන අපරාධයක්ද?.
"කවුරුත්" කෙසේ වෙතත්, ඒ දවස්වල පලු ඇරිය "ජා.මු.අ." නම් අයවැයෙන් අත හැර නැති බවයි පෙනෙන්නේ. ඔවුන්ගේ ඉල්ලීම් විධාන, තිතට ඉටු කරලා. නව යටත් විජිත වාදය බදා වැළද ගෙන ඇති ආකාරය අජුවයි. නමුත් ඔබගේ රජයට, පක්ෂට මෙන්ම සෝදන ප්‍රජාවටත් ලැජ්ජාව ගෑවී නොමැති නිසා සෙලවෙන දත වාගේ ආණ්ඩුව කොර ගසමින් මන්දගාමී ව ගමන් කරනු ඇත.
ඔය ඇත්තක් කිව්වමද කොහෙද, හරියටම හරි. කවුරුවත් අතෑරල නෑ, හැමෝටම බදු ගහල තියෙන්නේ.