
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ළමා නිවාසයක 17 හැවිරිදි දැරියක මෙහකාර සේවයේ යොදවා ගැනිම හා කෘරත්වයට පත්කිරිමේ චෝදනා මත උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමසාරිස් වත්මන් රාජාංගණය ප්‍රාදේශිය ලේකම්වරයා හා පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අද (27)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
පසුගිය 2022 වසරේදි එම ළමා නිවාසයේ සිටි 17 හැවිරිදි දැරියක් මෙහෙකාර සේවයේ යෙදවිමත් ඇයව කෘරත්වයට පත්කිරිම සම්බන්ධයෙන් මොවුන් චෝදනා ලබා තිබුණි.
මේ සම්බන්ධයෙන් මෙම දෙදෙනා අද (27)දින අනුරාධපුර මුලස්ථාන පොලිසියට කැදවා ප්‍රකාශ ලබා ගැනිමෙන් අනතුරුවට අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිපතිවරයා විසින් ලබාදි තිබු උපදෙස් පරිදි ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරැව අත්අඩංගුවට ගනු ලැබු මෙම දෙදෙනා අද (27)දින අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජාංගණ ප්‍රා.ලේ.- පළාත් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අත්අඩංගුවට
රනේ Thursday, 27 February 2025 03:12 PM
මේ දේශපාලන පළිගැනීම් නේද?
Deshabandu Thursday, 27 February 2025 03:24 PM
මොවුන් එවැනි වරදක් කර තිබුණා නම් දැඩි දඬුවම් ලබාදිය යුතුයි.
පැරකුම් Thursday, 27 February 2025 04:12 PM
ළමා නිවාසවල සිදුවන අකටයුතු අක්‍රමිකතා අනන්තයි. කවුරුත් නොදැක්ක වගේ අහක බලාගෙන ඉන්නවා. දැන්වත් කට්ටියගේ ඇස් ඇරුනොත් හොඳයි නේද.