IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රක්ෂණ ක්ෂේත්‍රයේ වටිනාම සන්නාමය සෙලින්කෝ ලයිෆ්

සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් (වමේ) හා කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ  ​

ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ 2023 වසරේ වඩාත් වටිනා සන්නාම 100 ශ්‍රේණිගත කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සන්නාමය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකම ආවරණව සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ වටිනාම සන්නාමය ලෙස ශ්‍රේණිගත වී තිබේ.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සඳහා රුපියල් බිලියන 3.5 ක සන්නාම වටිනාකමක් ලබා දී ඇති අතර එය සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ ඉහළම ශ්‍රේණිගත සන්නාමයේ වටිනාකමට වඩා ඉහළ අගයක්ද ගනී. විශාලතම බැංකු, විදුලි සංදේශ සමාගම්, සමූහ ව්‍යාපාර සහ සිල්ලර වෙළඳපොළේ දැවැන්තයන් ඇතුළත් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්හි ‘ශ්‍රී ලංකා 100’ හි සමස්ත ශ්‍රේණිගත කිරීමේදී 27 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට සෙලින්කෝ ලයිෆ් සන්නාමය පැමිණ තිබේ.

එමෙන්ම, සෙලින්කෝ ලයිෆ් මෙම වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් 'AA' සන්නාම ශ්‍රේණිගත කිරීමක් ද ලබාගෙන ඇත. එමගින් පිළිඹිබු වන්නේ අවම ණය අවදානමක් සහ මූල්‍ය වගකීම් සපුරාලීමේ ශක්තිමත් හැකියාවයි.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ලබාදුන් මෙම නවතම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාවේ වටිනා ම ජීවිත රක්ෂණ සන්නාමය ලෙස අපව නිරන්තරයෙන්ම පිළිගැනීමට ලක්වෙනවා. මෙරට මුහුණ දී ඇති අභියෝග හේතුවෙන් සන්නාම වටිනාකම්වල සමස්ත පහත වැටීමක් දක්නට ලැබුණු මෙවැනි වසරක සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයට පැමිණීම මගින් පැවසෙන්නේ, සන්නාමයේ චිරස්ථිතියයි. මෙය සෙලින්කෝ ලයිෆ් සන්නාමය පාරිභෝගිකයන් අතර විශ්වාසය අඛණ්ඩව ගොඩනගා ඇති බව තහවුරු කිරීමකි.”

‘සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකා 100 හි ජීවිත රක්ෂණ කාණ්ඩයේ ඉහළම ශ්‍රේණිගත සන්නාමය ලෙස තම ස්ථානය රඳවා ගැනීමට සමත් වූ අතර ජීවිත රක්ෂණ සමාගම් අතරින් සෙලින්කෝ ලයිෆ් සන්නාම  වටිනාකමෙහි අඩුම පහත වැටීම (2022 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව -9%) වාර්තා කර ඇත’ යැයිද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් පවසයි.

595



අදහස් (0)

රක්ෂණ ක්ෂේත්‍රයේ වටිනාම සන්නාමය සෙලින්කෝ ලයිෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site