IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යුගදනව් බලාගාර ගිවිසුමට ආණ්ඩුවේ හවුල් පක්ෂ 10ක විරෝධය

(අජන්ත කුමාර අගලකඩ)

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කර ඇත.

මෙම පක්ෂ නායකයන් බොරැල්ලෙ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ අද (20)පස්වරුවේ රැස්වී මෙම තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ,ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර , වීරසුමන වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරු එම සාකච්ඡාවට සහභාගී වූහ .

යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කිරීමටත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (21) හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමටත් එම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත .

 



අදහස් (38)

යුගදනව් බලාගාර ගිවිසුමට ආණ්ඩුවේ හවුල් පක්ෂ 10ක විරෝධය

Tharindu Perera Monday, 20 September 2021 10:24 PM

බොරුවට නාට්‍ය රඟ දැක්වුවාට. කොන්ද පණ තියෙනවා මේ වෙලාවේ ඒලියට යනන ඔනි

:       1       4

SIRIPALA Monday, 20 September 2021 10:28 PM

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට කවුරු විරුද්ධ වුවත් ජනතාවට එය අනුමත කර තිබේ. අවස්ථාවාදී දේශප්‍රේමීන්ගෙන් රට ගලවා ගනිමු. පසුගිය දශක 07ක කාලයේ ජනතාව රැවටීමේ යුගය අවසන්.. රට සංවර්ධනය කිරීමට විදේශ ආයෝජන ලංකාවට පැමිණිය යුතුවේ. වෙනත් පක්ෂවල ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වී රටම විනාශ කරන මෙවන් කණ්ඩායම් නිසා රටට අනාගතයක් නොමැත.. රජය රට දියුණු කිරීමට නම් මෙවැනි තීන්දු ගත යුතුවේ.

:       36       17

සෙනෙවිරත්න Tuesday, 21 September 2021 03:14 PM

මේ පාලකයෝ ආවේ එහෙම කියලද?

:       23       25

රුවන්Tuesday, 21 September 2021 08:56 PM

අපි අවුරුදු හැත්තෑවක් තිස්සේ කලේ ඔය වැඩේ තමයි අපිට වෙලා තියෙන දේ පැහැදිලියි. මේ අය කෑගහන්නේ පොදු මහජනතාව රවටන්නයි. දැන් මේකට ටෙන්ඩරයක් දාලා තිබුණා. ඒ්කට ඉදිරිපත් වුනේ චීන සමාගමක් විතරයි. ඒ්ක කලා නම් මේක දෙන්නේ චීනයට නේද? ඒ්කටත් විරුද්ධ වෙන්න නේද? ආරංචි හැටියට ඇමෙරිකන් කොම්පැණිය දුන් මිල ඩොලර් 1.45යි. චීන කොම්පැණිය දුන් මිල ඩොලර් 3.18යි. මේක ඇත්ත නම් අපි මොකද කරන්නේ. ආණ්ඩුවේ වුනත් විපක්ෂයේ වුණත් දේශපාලන කට්ටිය කියන දේ විමසිල්ලෙන් බලන්න වුවමනායි

:       0       7

janabala asamagiWednesday, 22 September 2021 09:59 AM

ඔබතුම ඡන්දෙ දුන්නේ? ජනතාව හාමතේ සිටිද්දී කොමිස් මුදල් හම්බ කරන දේශපාලුවන්ට කඩේ යන්න එපා මහත්තයෝ

:       0       2

agithWednesday, 22 September 2021 11:22 AM

ඇමරිකානු ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම ඉතාම අත්‍යාවශ්‍ය කටයුත්තක්... ඒවා ප්‍රමිතියෙන් ඉහළ ආයෝජන... මෙම ගිවිසුමට මම එකඟයි..

:       3       2

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 20 September 2021 11:28 PM

ඇමෙරිකාවට දෙද්දි උද්ඝෝෂණය කරන ගොඩාක් කට්ටිය ඇයි චීනෙට දෙද්දි හිමීහිට නිශ්ශබ්ද වෙන්නෙ...ඇත්තටම රට ජාතිය ගැන කැක්කුමක් තියෙනවනම් ඇයි මේවට එක විදිහටම විරුද්ධ නොවෙන්නෙ...

:       32       38

sugath Monday, 20 September 2021 11:50 PM

ඔය ආයෝජනය චීනයට දුන්නොත් ප්‍රශ්නයක් නැද්ද?

:       5       31

ජගත් Tuesday, 21 September 2021 12:42 AM

ඕවා තමයි මෙගා ටෙලි නාට්‍ය .

:       7       29

69lakshaya Tuesday, 21 September 2021 01:18 AM

ඔය විරුද්ධකම් අපේ ආණ්ඩුවට අදාළ නැහැ. අපි 2/3 බලය ආණ්ඩුවට දීලා තියෙන්නේ ආණ්ඩුවේ අයගේ හිතේ හැටියට ඕනම දෙයක් කරන්න.

:       7       20

de silva Tuesday, 21 September 2021 01:33 AM

තවත් නාට්‍යයක්... ඔක්කොම බොරු කාරයින්... ඔක්කොම යාළුවෝ මල්ලි..!!!

:       15       32

Don perera Tuesday, 21 September 2021 01:58 AM

මේ නරි හැමදා කෑගහනවා විතරයි...!

:       0       33

Ashan Tuesday, 21 September 2021 03:07 AM

බයිල තමයි. ඕකට පාර්ලිමේන්තුවේ චන්ද විමසීමක් තිබුනොත් ආන්ඩුව බේරගන්න කියලා මේ සෙට් එකම ගිහින් චන්දෙ දෙනවා . ඊට පස්සෙ ඔක්කොම ඉවරයි

:       3       34

ranjith Tuesday, 21 September 2021 05:21 AM

මේ සුන්දර දිවයිනට කරන අපරාධයක්...!

:       7       20

ලුම්බිණි Tuesday, 21 September 2021 07:10 AM

මේ අය විරුද්ධ... මේක විකුණපු එකටද? නැත්නම් ඇමරිකාවට විකුණපු එකටද?

:       0       28

දාස Tuesday, 21 September 2021 07:39 AM

මේ නාට්‍ය දවස් කීපයක් රඟ දක්වයි

:       1       32

Dewa Tuesday, 21 September 2021 08:52 AM

මේකත් අර පෙර පරිදිම මෙයාලා අපිට සංදර්ශන පෙන්නවා

:       1       30

Bhanuka Tuesday, 21 September 2021 08:57 AM

මේ විරෝධයත් කලින් වගේම සංදර්ශනයක් විතරයි.

:       1       33

Lal Tuesday, 21 September 2021 09:14 AM

දැන් කට්ටිය එකතුවෙලා සාකච්ඡා කරාට වැඩක් වෙන්නෙ නෑ.

:       0       30

Sunil Tuesday, 21 September 2021 09:17 AM

මේ රජය නම් කළින් පැවැති වාර්තා සියල්ලක්ම බිඳ දමයි. රට විනාසයි.

:       4       29

dhamneth Tuesday, 21 September 2021 10:18 AM

අනේ මේ අය විරුද්ධ වුනා කියලා මොනවා කරන්නද විපක්ෂයේ හිටියනම් ලිප්ටන් වටරවුමට හරි ඒයි

:       0       14

kamal Tuesday, 21 September 2021 10:52 AM

මුලු රටම විරුද්ධයි. දෙන්න තිබුණේ චීනෙටනේ...

:       1       33

nain Tuesday, 21 September 2021 11:42 AM

ඔය විරෝධය නිකන් මිනිස්සු රවට්ටන්න කරන නාට්ටියක් විතරයි. මෙව්වාට ඇන්දෙන මිනිස්සුත් ඉන්නවනේ ඉතින්... අපි ඇන්දුනේ නැති වුණාට...

:       1       37

දිමුත් Tuesday, 21 September 2021 12:12 PM

එතකොට බලශක්ති ඇමති කවුුද?

:       0       33

Nuwan Tuesday, 21 September 2021 12:26 PM

දැන් ඔය විරුද්ධත්වේ පෙන්වන මැති ඇමතිලා නිදාගෙනද හිටියේ මේක පවරනකොට?

:       0       32

de silva Tuesday, 21 September 2021 12:32 PM

අපි මේ නාටක බලාගෙන ඉන්නකොට බලාගාරේ කොටසක් ඇමරිකාවට විකුණලා. ඔය පක්ෂ 10 නායකයෝ කරන්නේ බොරු නාඩගමක් පමණයි

:       39       32

kamalTuesday, 21 September 2021 01:36 PM

විකුනලා නෙමෙයි බදු දීලා .69 ලක්ශේ ඕනෙම දෙකට කුලප්පු වෙනවා

:       1       9

NuwanTuesday, 21 September 2021 03:06 PM

ණයක් නොවේ පොඩි අතමාරුවක්.

:       1       10

fairoos Tuesday, 21 September 2021 12:45 PM

මේ අය ඉන්නකන් රට හදන්න බැහැ.

:       1       20

de silva Tuesday, 21 September 2021 12:55 PM

වැරදිලාවත් මේ කාරණය සම්බන්ධව විකුනපු මනුස්සයට විරුද්ධව විපක්ෂේ දෝෂාභියෝගයක් ගෙනාවොත් මේ සියලුදෙනාම ඒකට විරුද්දව චන්දෙ දෙනවා, මේ ඔක්කොම යාලුවෝ කරන්නේ බොරු

:       0       31

amila Tuesday, 21 September 2021 01:28 PM

බොරු ඇමෙරිකන් විරෝධයෝ... ළමයි ඔක්කොම ඉගෙන ගන්නේ ඇමෙරිකාවේ. පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඇමෙරිකාවේ පාස්පෝර්ට් එක ගන්න. මෙයාලට රැවටෙන්න එපා... කවදා වෙනකම් අපි මෙයාලගේ බයිලා අහන් මේ දූපතට වෙලා දුක් විඳිනවා..

:       0       32

සිල්වා Tuesday, 21 September 2021 02:31 PM

මේ විරුද්ධ වන පිරිස ලංකාවේ බරපතල විනිමය ප්‍රශ්නයට දෙන විකල්ප විසඳුම් මොනවාද?

:       1       40

විපරමා Tuesday, 21 September 2021 04:04 PM

ඇමරිකන් පුරවැසියකු වෙච්චි අපේ රටේ නායකයා ඇමරිකාවට නොසලකා බැහැනේ.

:       8       16

ගමේ එකාලා Tuesday, 21 September 2021 05:07 PM

හවුල්කාර පක්ෂ ලෝකෙට පේන්න බොරුවට රඟපෑම් කරනවා ඇති. කවුද කැමැති තමුන්ගේ තනතුරු, වරප්‍රසාද නැතිකරගන්න. හරියට මෙයාලත් දවල් මිගෙල්, රෑ ඩැනියෙල් වගේ අය.

:       0       8

බද්රානි Tuesday, 21 September 2021 08:07 PM

ලංකාවේ මිනිස්සුන්ගේ ස්වභාවයක් තමයි නැට්ට උස්සගෙන බෙරිහන් දෙනවා. එ්ත්, එක්කම ඉහළ කටහඬකින් සද්දයක් ඇහුණු ගමන් නැට්ට බඩයට ගහගෙන කෙඳිරි ගානවා. ඒක තමයි සිංහල ජානවල ස්වභාවය. සමහර විට, චීන්නු නම් දන්නවා හරක් ටික මෙල්ල කර ගන්න පුන්නක්කු දෙන්න. එ්ත්, ඉතින් ඇමරිකන් කාරයින්ට හරක් ගැන එ් තරම් තැකීමක් නැහැ. ඔවුන් දන්නවා මී හරකාගේ ස්වභාවය. ඇමරිකන් කාරයින් මේ රට අල්ලාගෙන මේ තිරිසනුන්ගෙන් රට මුදා ගන්නවා නම් මම නම් හරිම කැමැතියි.

:       0       3

රුවන් Tuesday, 21 September 2021 09:00 PM

පයිසර් එන්නත නම් හොඳයි නේද? ළමයි ඉගෙන ගන්න යවන්නත් ඒහේ හොඳයි නේද? ලංකාවෙ ප්‍රගතිශීලී කට්ටිය

:       1       8

lelwala Wednesday, 22 September 2021 08:02 AM

මෙය නාට්‍යයක් පමණි. ඔවුන්ට රජය සමඟ සමීපව වැඩ කිරීමට නොහැකි නම් ඔවුන්ට ඉවත් විය හැකිය. ඔවුන්ට විරුද්ධත්වය සමඟ ප්‍රීති විය හැකිය. ඔවුන්ට නිදහසේ කතා කළ හැකිය. මේ මෝඩයෝ දන්නවා ආණ්ඩුවෙන් ගියාට පස්සේ තමන්ගේ දේශපාලන වාහකයා ඉවරයි කියලා.

:       0       2

DM Thursday, 23 September 2021 03:16 PM

ඔය විරෝධය ලොක්කා පොඩ්ඩක් සංවේදීවුන ගමන් ඉවරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 298 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 700 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 577 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1402 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2870 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1860 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site