IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යුක්රේන රුසියා සාම සාකච්ඡාවට තැන හරස්වෙයි

යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා රුසියන් දූත පිරිසක් බෙලරුස් වෙත පැමිණ ඇති බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය.

"එළඹී ඇති එකඟතාවයට අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජනාධිපති පරිපාලන ඇතුළු අනකුත් දෙපාර්තමේන්තුවල නියෝජිතයින්ගෙන් සමන්විත රුසියානු නියෝජිත කණ්ඩායම යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා බෙලාරුස් වෙත පැමිණ ඇත. එකඟතාවයකට පැමිණීම සඳහා සාකච්ඡා ගොමෙල් නගරයෙ හි ආරම්භ කිරීමට අපි සූදානම්,"පෙස්කොව් වාර්තාකරුවන්ට පැවසීය.

රුසියාව සාකච්ඡා සඳහා සූදානම් අපි ඉන්නේ යුක්රේනයේ දූත පිරිස එනකන් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

බෙලරුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ රුසියාව සහ යුක්‍රේනය අතර ගෝමෙල් හි සාකච්ඡා සඳහා අවශ්‍ය සියල්ල මින්ස්ක් විසින් සූදානම් කර ඇති බවයි.

මෙම ප්‍රකාශයට කෙලින් ප්‍රතිචාර දක්වා නැතත් ජනාධිපති සෙලෙන්ස්කි ගේ ටෙලිග්‍රෑම් ගිණුමේ ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ පණිවිඩයකින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට රොකට් ප්‍රහාර එල්ල කරන බෙලරුසියාවේ සිට තමන් සාකච්ඡ කිරීමට සුදානම් නැති බවයි.

ජනාධිපති සෙලෙන්ස්කි සාකච්ඡාවට සුදානම් නගර ලෙස පෝලන්තයේ වර්සෝ,හංගේරියාවේ බුඩාපේස්ට් සහ තුර්කියේ ඉස්තාන්බුල් නුවර නම් කර තිබුණි.

දිමිත්‍රි පෙස්කොව් ගේ ප්‍රකාශයට පිළිතුරු ලෙස යුක්රේන ජනාධිපති මාධ්‍ය ලේකම් සර්ගේ නිකිෆොරෝව් පැවසුවේ රුසියානු දූත පිරිස සාකච්ඡා සඳහා ගොමෙල් වෙත පැමිණ ඇති බවට ප්‍රකාශ අපට අසන්නට ලැබුනා නමුත් යුක්රේනයේ කිසිදු නියෝජිතයෙකු එහි යන්නෙ නැහැ ඇත්ත වශයෙන්ම එවැනි දෙයක් අපි සාකච්ඡ කළා නමුත් අවසාන මොහොතේ රුසියාව යුක්රේන හමුදාවට ආයුධ බිම තබන ලෙස ඉල්ලා සිටියා අනිත් එක අපි බෙලරුසියාවේ සාකච්ඡ තියන්න කොහොමත් කැමති නැහැ"

මේ අතරතුර ප්‍රකාශයක් නිකුත් කරමින් බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝ පැවසුවේ කිසිම රොකට් ප්‍රහාරයක් බෙලරුසියාවේ සිට යුක්රේනයට එල්ල නොවන බවත් යුක්රේනයේ තම හමුදා නොමැති බවත්ය.

නමුත් යුක්රේනයේ සිටින බෙලරුසියානු ජනතාවට දිගින් දිගටම අකටයුතු කම් වන බව පැවසූ ඔහු එසේ දිගටම අකටයුතුකම් සිදු වුවහොත් තමන්ටද විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට සිදුවනු ඇතැයි පැවසීය.

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

යුක්රේන රුසියා සාම සාකච්ඡාවට තැන හරස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site