(සමන් පාලිත නානායක්කාර)
කොළඹ සිට බදුල්ල බලා අද 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක ඕහිය පට්ටිපොළ අතර පිහිටි බිංගෙයක හැපී දුම්රියෙන් බිම ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය පවසයි.
ඕහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන දෙක අතර දහනම වැනි බිංගෙයේ හැපීමෙන් පසු මෙම තරුණිය බිම ඇද වැටී බරපතල තුවාල ලබා ඇතැයි ද ඇය එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් ගිලන් රථයකින් දියතලාව මූලික රෝහලට රැගෙන ගොස් ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය.
මෙරට සංචාරයක පැමිණ කොළඹ සිට පවුලේ ඥාතීන් සමඟ ඇල්ල බලා ගමන්ගත් විසිතුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක මෙසේ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මීට සති දෙකකට පමණ පෙරද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විදේශික පුද්ගලයකුට මේ ආසන්න බිංගෙයක් අසල මාරක අනතුරක් සිදුවූ බවද හපුතලේ පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අනතුරු දැන් හරිම සුලභයි. දුම්රිය නිලධාරීන් පව් මෙයට වඩා සැලකිලිමත් විය යුතුයි
දැනුවත් කිරිම තමයි වෙන්න ඕනැ. දෙවනුව අනතුරු වෙන්ඩ පුළුවන් බිංගෙවල් වල ආරක්ෂාවට පිලියමක් යොදමු
වෙලා තියෙන්නේ අපේ රටට එන සංචාරකයන් හිතන්නේ අපේ උමං මාරග වල මෙවැනි අනතුරුදායක පටු තැන නැතුව ඇති කියලා. අදාළ බලධාරීන් දැන්වත් සංචාරක මාරගොපදේශ වල මේ අනතුරුදායක තත්වය පහදා දිය යුතුයි. දුම්රිය තුළ මේ ගැන දැන්වීම් ප්පලාකාර තිබිය යුතුයි.
විදේශීය හෝ දේශීය වේවා, කිසිම අයෙක් උපදෙස් හෝ නීතී පිලිපැදීමක් නැති බව පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වුවත් මහජන සේවාවක් හෝ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ඕනෑම අයෙකුට හෝ ආයතනයකට තම සේවාව ලබාගන්නා පාරිභෝගිකයා වෙනුවෙන් වගවීමක් පැවරී තිබේ. දිනෙන් දින ඉහල යන දුම් රිය අනතුරු පිලිබඳ වගකීම අකමැත්තෙන් වුවද දැන් දුම් රිය දෙපාර්තමේන්තුව භාරගත යුතුය. එය ඔවුන් සතු වගවීම සමග ජාත්‍යන්තර නීතී මගින් බැඳී පවතින්නකි. ඒ වගකීම ඔවුන් දැන්වත් ඉටු කල යුතුය. නව නීති රීති සහ ක්‍රියාමාර්ග ගෙන අනතුරු යම් කාල රාමුවක් තුල අවම කිරීමට ක්‍රියා කල යුතුය. නැතහොත් දුම් රිය සේවය පුද්ගලික අංශයට බාරදී ගෙදර යා යුතුය.
ඔලුව කලු ගල් වල වැදුනම මොලේ හොඳට පෑදෙන්න ඇති