(ගයාන් සූරියආරච්චි)
යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපොළවලට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පූසාරිවරයා සහ තවත් පූසාරිවරුන් දෙදෙනකු අතර කාලයක් තිස්සේ පවතින අමනාපයක් හේතුවෙන් එම කෝවිලේ දේපොළ කඩා විනාශ කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි සහ කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි යාපනය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයකු බව පොලිසිය පැවැසීය.
සැකකාර පූසාරිවරයාගෙන් කට උත්තරයක් ගැනීම සදහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී සැකකාර පූසාරිවරයා පොලිස් නිලධාරීන්ට විරෝධය පළකර බැන තර්ජනය කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සිද්ධියට සම්බන්ධ කෝවිල සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේ පැවැති නඩුවකදී සැකකාර පූසාරිවරයාට සහ පැමිණිලිකාර පූසාරිවරුන්ට පූජා පැවැත්වීම සදහා දින 10 බැගින් බෙදා වෙන්කර දී ඇති බව පොලිසිය පවසයි.
එසේ තිබියදී සැකකාර පූසාරිවරයා නිතර කෝවිලට පැමිණ ගැටුම් ඇතිකර ගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වූ දිනයේද සැකකාර පූසාරිවරයා එම කෝවිලට පැමිණ පූජාවට බාධාකරමින් දේපොළවලට හානි කර ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමකදී එහි සිටි කාන්තාවකට පහරදී ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් රවට රවටා මෙහෙන් සල්ලි හම්බ කරගෙන කැනඩාවේ ජීවත් වෙනවා. අහිංසක සාමාන්‍ය ජනතාව මේ ගැන දැනගන්න ඕනෑ...!
මූව වහාම පිටුවහල් කරන්න
ඇයි දෙවියනේ මේ ඔබ වහන්සේට නොපෙනේද මේ විපත්...?
ඉහළ වටිනාකම් වලින් යුක්ත මුදල් සහ භාණ්ඩ පූජා කිරීම නිසා දැන් කෝවිල් වල ඉන්න අයත්වාසි පැත්තට හෝයියා කියන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ.