
(රෝෂන් තුෂාර)
නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ලබන 16 වැනි දින අල්ලස් හො දුෂණ විමර්ශන කොමිසම ට කැඳවා ඇත.
2006 දෙසැම්බර් 14 දින නාවික හමුදාවට බැඳී ඇති යෝෂිත රාජපක්ෂට එරෙහිව කොමිසමට ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ඇති බව පැවසේ.
නාවික හමුදාවට ඇතුළත් කරගැනීමේදී සලකා බැලූ අධ්‍යාපන සුදුසුකම්, නාවික හමුදාව තුළ ඔහුට ලැබුණ විදේශ පුහුණු පාඨමාලා නීතියට පටහැනිව සිදුකර ඇති බවට ලැබුණු පැමිණිලි අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශන දූෂණ විරෝධී පනත අනුව ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුං මොකක්ද නීත්‍යානූකූල ව කරලා තියෙන්නෙ.
O Level වත් නැතිකම සුදුසුකමක් නේද? ඉතින් මේ ජීවිතය පරදුවට තබපු අති විශිෂ්ට රණවිරුවා කෙලින්ම නාවික හමුදාපතිකමටත් සුදුසුයි.
ඔයාගේ පුහුණුවීම් අවසානයේ පැවැත්වුන විසිර යාමේ පෙරෙට්ටුවට සහභාගිවූ එවකට ජනාධිපතිව සිටි මහින්ද ඇතුළු කණ්ඩායමට ආපහු එන්න ශ්‍රී ලන්කන් ගුවන් යානයේ පළමු පන්තියේ ආසන ලබාගන්න ගිය හුට පටයෙන් පස්සේ තමා ඒ කාලේ එමිරේට්ස් ගුවන් සමාගම යටතේ ලාභ ලබමින් පවත්වාගෙන ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආපසු අරගෙන මස්සිනා සභාපති කරය කාබාසිනියා කර දැම්මේ.