IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා

(සිතුම් චතුරංග)

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු සමත්ව තිබේ.

ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානය ජමුනානන්දන් ප්‍රනාවන් සහ එම අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය ඔහුගේ සොහොයුරු ජමුනානන්දන් සරවණන් සිසුවා විසින් හිමිකරගෙන ඇත.

ඔවුන් දෙදෙනා යාපනය දිස්ත්‍රික්කයේ ජෙෙව විද්‍යා අංශයෙන් ප්‍රථම සහ දෙවන ස්ථානය දිනා ගැනීම විශේෂත්වයක් විය.

සිය ජයග්‍රහනය සම්බන්ධයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානය හිමිකරගත් ජමුනානන්දන් ප්‍රනාවන් සිසුවා මෙසේ කීය,

මමත් මගේ සහෝදරයත් එකට ජෙෙව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටිය. අපි විශේෂයෙන් ස්තූති කළ යුතුයි අපේ පංති භාර ගුරුතුමා වන එස්. සිවකාර්තිකේයන් ගුරුපියාණන්ට. ඔහුගේ මග පෙන්වීම මේ ජයග්‍රහණයට විශාල හේතුවක්වුනා.

 

 



අදහස් (7)

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා

maalaka Monday, 28 April 2025 07:14 AM

හරිම ආඩම්බරයි පුතාලා ගැන. උසස් පෙළ සමත් හැම දරුවෙකුටම සුභ පැතුම්! සමත් නොවුන දරුවන් අධෛර්යමත් නොවී තමන් කැමති ක්ෂේත්‍රයක් හදාරා ඉදිරියට යන්න.

:       0       15

Perera Monday, 28 April 2025 09:15 AM

ටියුෂන් ගිහින් නෑති පාටයි. සුභ පැතුම් ඔබ දෙපළට . පියාණන්ගේ අඩි පාරේ යන්නට.

:       0       12

රම්බොඩ Monday, 28 April 2025 09:32 AM

සිංහල රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ලොකු උගතුන් වෙලා රටට සේවයක් කරනු මිසක ත්‍රස්තවාදී අදහස් හිසට නොම ඒවායි පතමු

:       14       5

Perera Monday, 28 April 2025 10:48 AM

රම්බෝඩයෝ මතක තියාගනින් ශ්‍රීලංකාව ලාංකිකයන්ගේ රට බව

:       4       18

ආනන්ද පිටබැද්දර Monday, 28 April 2025 03:05 PM

බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නට .අනිවාර්යයෙන්ම දොස්තර මහතුන් දෙපලක් වී මේ රටේම ජනතාවට සේවය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේවා නිදහස් අධ්‍යාපනයේ හොඳ ප්‍රතිඵල . අනෙකුත් සමත් වූ සියළුම දරුවන්ට ත් තම තමන් ගේ බලාපොරොත්තු ඉටුවන වාසනා වන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරවා. අසමත් දරුවො නැවත වතාවක් විභාගය හොදින් කරන්න. හිත් නරක් කර ගන්න එපා.ඔයාලටත් ඉදිරියට යන්න තව ගොඩාක් පාරවල් තියනවා

:       0       6

fairoos Monday, 28 April 2025 03:25 PM

සුභ පැතුම් .. රම්බොඩ වගේ අය ඉන්නකොට, ලංකාව මේ ඉන්න තත්වෙන්ම තමා තියෙන්නේ

:       1       4

sudha Monday, 28 April 2025 03:48 PM

රම්බඩ ඔය කියන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න අර්චුනා දොස්තර මහත්තයා මතක් වෙලා වෙන්න ඇති. එයා කෙලින්ම එයාගේ ප්‍රභාකරන් දෙවියා ගැන කියන නිසායි හැසිරෙන විදිහයි දැක්කම මේ කතා ගැන පුදුම වෙන්න එපා. මොනවා වුනත් මේ දරුවන් දෙන්නාට සුභ අනාගතයක් පතමු.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site