
(සිතුම් චතුරංග)
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු සමත්ව තිබේ.
ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානය ජමුනානන්දන් ප්‍රනාවන් සහ එම අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය ඔහුගේ සොහොයුරු ජමුනානන්දන් සරවණන් සිසුවා විසින් හිමිකරගෙන ඇත.
ඔවුන් දෙදෙනා යාපනය දිස්ත්‍රික්කයේ ජෙෙව විද්‍යා අංශයෙන් ප්‍රථම සහ දෙවන ස්ථානය දිනා ගැනීම විශේෂත්වයක් විය.
සිය ජයග්‍රහනය සම්බන්ධයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානය හිමිකරගත් ජමුනානන්දන් ප්‍රනාවන් සිසුවා මෙසේ කීය,
මමත් මගේ සහෝදරයත් එකට ජෙෙව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටිය. අපි විශේෂයෙන් ස්තූති කළ යුතුයි අපේ පංති භාර ගුරුතුමා වන එස්. සිවකාර්තිකේයන් ගුරුපියාණන්ට. ඔහුගේ මග පෙන්වීම මේ ජයග්‍රහණයට විශාල හේතුවක්වුනා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ආඩම්බරයි පුතාලා ගැන. උසස් පෙළ සමත් හැම දරුවෙකුටම සුභ පැතුම්! සමත් නොවුන දරුවන් අධෛර්යමත් නොවී තමන් කැමති ක්ෂේත්‍රයක් හදාරා ඉදිරියට යන්න.
ටියුෂන් ගිහින් නෑති පාටයි. සුභ පැතුම් ඔබ දෙපළට . පියාණන්ගේ අඩි පාරේ යන්නට.
සිංහල රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ලොකු උගතුන් වෙලා රටට සේවයක් කරනු මිසක ත්‍රස්තවාදී අදහස් හිසට නොම ඒවායි පතමු
රම්බෝඩයෝ මතක තියාගනින් ශ්‍රීලංකාව ලාංකිකයන්ගේ රට බව
බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නට .අනිවාර්යයෙන්ම දොස්තර මහතුන් දෙපලක් වී මේ රටේම ජනතාවට සේවය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේවා නිදහස් අධ්‍යාපනයේ හොඳ ප්‍රතිඵල . අනෙකුත් සමත් වූ සියළුම දරුවන්ට ත් තම තමන් ගේ බලාපොරොත්තු ඉටුවන වාසනා වන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරවා. අසමත් දරුවො නැවත වතාවක් විභාගය හොදින් කරන්න. හිත් නරක් කර ගන්න එපා.ඔයාලටත් ඉදිරියට යන්න තව ගොඩාක් පාරවල් තියනවා
සුභ පැතුම් .. රම්බොඩ වගේ අය ඉන්නකොට, ලංකාව මේ ඉන්න තත්වෙන්ම තමා තියෙන්නේ
රම්බඩ ඔය කියන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න අර්චුනා දොස්තර මහත්තයා මතක් වෙලා වෙන්න ඇති. එයා කෙලින්ම එයාගේ ප්‍රභාකරන් දෙවියා ගැන කියන නිසායි හැසිරෙන විදිහයි දැක්කම මේ කතා ගැන පුදුම වෙන්න එපා. මොනවා වුනත් මේ දරුවන් දෙන්නාට සුභ අනාගතයක් පතමු.