IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදි- මොටර් රථ අනතුරින් සිඟිත්තියකට දිවි අහිමිවෙයි

(කාංචන කුමාර ආරියදාස)

සීගිරිය  දිගම්පතහ මාර්ගයේ දී අද  (11 ) යතුරුපැදියක් මෝටර් රථයක පිටුපස ගැටීමෙන් එහි ගමන් ගත් වයස අවුරුදු තුන හමාරක් වූ සිඟිති දියණියකින් මිය ගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

 මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි සසිත්මි නෙහන්සා අළුවිහාරේ නම් වූ සිඟිති දැරියකි.

 යතුරු පැදිය පැදවූ මිය ගිය දියණියගේ පියා  ඉස්කූට  වර්ගයේ යතුරු පැදියේ දියණිය ඉදිරි පස කොටසේ තබාගෙන  ධාවනය කොට  තිබේ. 

 දිගම්පතහ සිට සිගිරිය දෙසට ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පිටුපස යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදිය මෝටර් රථයේ ගැටීමත් සමඟ ඉදිරියේ හිටගෙන ගිය පුංචි දියණිය මාර්ගයෙන් ඉවතට විසි වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරු මෝටර් රථය පොලිස් භාරයට ගත් බව සීගිරිය පොලිසිය කියයි.

දියණියගේ මව   සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන බවත් ඇය වැඩ අවසන් කොට  නිවෙසට කැඳවාගෙන ඒම සඳහා මෙම දියණියත් පියාත් හිස් වැසුම් පැළඳගෙන යතුරුපැදියෙන් යමින් සිටියදී අනතුර සිදුවී ඇතැයි ඔවුහු පවසති.

 

 



අදහස් (3)

යතුරුපැදි- මොටර් රථ අනතුරින් සිඟිත්තියකට දිවි අහිමිවෙයි

සංජීව Tuesday, 12 August 2025 02:27 PM

ලංකාවේ දැන් තියෙන වාහන මිලත් එක්ක සාමාන්‍ය මනුස්සයෙකුට වාහනයක් ගන්න තියා හිතන්නවත් බෑ. සාමාන්‍ය මිනිස්සුන්ට පුංචි දරුවන් එක්ක අනාරක්ෂිතව යන්න වෙලා තියෙන්නේ යතුරුපැදිවල. වාහනයක ගියා නම් මේ පුංචි දුව ජීවතුන් අතර නේද? වාහනවල යන මිනිස්සුන්ගෙ ආසන පටි හොයන්න කලින් විසඳන්න ඕන ප්‍රශ්න මේවා.

:       6       6

ගුණරත්නTuesday, 12 August 2025 05:58 PM

මේකට ඩිස්ලයික් ගහල තියෙන්නේ මොක්කුන්ද? මට හිතාගන්න බැහැ . සෙල් මාෆියාවේ හෙන්චයියෙක්ද? බැංකු ගිනි පොලීකාරයෙක්ද? වහලෙක්ද? ඩොබියෙක්ද?

:       0       0

ගුණරත්න Tuesday, 12 August 2025 02:59 PM

ස්කූටර බයිසිකල කියන්නේ තනි පුද්ගල ප්‍රවාහන මාධ්‍යයක්, හැම බයිසිකලයක් ම එහෙමයි. පුංචි දරුවන්ට හයියෙන් අල්ලන්න යන්න බැහැ. ඉතින් පාරට ඇද වැටෙන්න ලොකු ඉඩක් තියෙනවා. හෙල්මටත් දැම්මාට අභ්‍යන්තරයේ තුවාල හැදෙන එක නවත්තන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 214 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site