
( කුෂාන් ජයවර්ධන)
ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් අවුරුදු 25 ක තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
ඉපලෝගම රණජයපුර මංසන්ධීයේ සිට රණජයපුර නිවාස සංකීර්ණය දෙසට ධාවනය කරමින් තීබු නවීන පන්නයේ යතුරු පැදියක් වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල වූ ගසක වැදිමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ එම යතුරු පැදිය පැදවූ බව කියන යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස රාජකාරියේ නියුතු ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේ පදිංචිව සිටි වයස අවුරුදු 25ක් වන හේරත් මුදියන්සේලාගේ චානුක දේශාන් හේරත් නමැති අවිවාහක තරුණයෙකි.
ඔහු ගනේමුල්ල ප්‍රෙද්ශයේ කඳවුරකට අනියුක්තව සේවය කරමින් සිට ඇති බව ද, සිදුකළ විමර්ශණවලදී හෙළීව ඇතැයි පොලිසිය කියයි. නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුරදී මෙම අනතුරට මුහුණ පා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
යතුරුපැදි අනතුරින් සෙබළා මරුට
ගමේ එකා Friday, 07 February 2025 10:43 AM
කනගාටුයි. හැබැයි දැං එයත් "රණවිරුවෙක්" වීදිහටද අවමංගල හමුදා ආචාර ලබන්නේ? අවුල් නේද එහෙම නම්? ඇත්තටම යුද්ධෙදි දිවි පුදපු සැබෑ රණවිරුවන්ට අසාධාරණයක් නේද වෙන්නෙ?
Krishantha Friday, 07 February 2025 01:44 PM
ගමේ එකාගෙ කතාවේ ලොකු පොයින්ට් එකක් තියෙනවා. රිදෙන අයට රිදෙයි. හැබැයි දැන්වත් නිවැරැදි කරන්න අවශ්‍ය දෙයක් ඔය වැඩේ...
Chinthana Saturday, 08 February 2025 10:07 AM
යුද්ධයට ගියත් නැතත් හමුදා සෙබළුන්ට හා විශ්‍රාමිකයන්ට හමුදා සම්ප්‍රදායානුකූලව අවමංගල කටයුතු කරනවා. මරණය රාජකාරියේදී වුණත්, නැතත්. ඒක නොලැබෙන්නේ දිවි නසාගත් අයට හමුදාවෙන් ඉවත්කළ හා නියමිත කලට ඉවත් වූ අයට... යුද්ධයට නොගියා නම් එහෙම නෙවෙයිනේ...
krishantha Saturday, 08 February 2025 10:14 AM
එයාලගේ ජොබ් එක වෙනස්. හාෆ් ඩේ ලීව් නැහැ. ෂෝට් ලීව් නැහැ... ලොකු කැපවීමක් තියෙන්නේ. මැරෙන්න යන්න කිව්වොත් යන්න ඕනෑ. එයාලගේ ජොබ් එකට තියන එක වරප්‍රසාදයක් තමයි ඔය අවමංගල්‍යය උත්සවය.