
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශාල මුදලක් යූඑස්ඒඩ් කියන සංවිධානය හරහා මෙරට තුළ වියදම් කර ඇතැයි හෙළිවී ඇති බවත් එම මුදල් සැබවින්ම වියදම් කළේ කුමන කාරණයකට ද යන්න සෙවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (10) පැවසීය.
නීතිඥ සාගර කාරියවසම් මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ශ්‍රී ලංකාව වැනි රටවල්වල ජාතිකකත්වය, සංස්කෘතිය, අනන්‍යතාවය විනාශ කරන්න, ආර්ථිකය කඩාවට්ටන්න, රටට ආදරය කරන පාලකයින් පලවා හැරලා විදේශගැති පාලකයින් බිහිකරන්න සමහර අවස්ථාවලදී විදේශ සංවිධාන තුළින් මුදල් පොම්ප කරන බවත් ඒ නිසා මේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මෙවැනි විශාල මුදලක් වියදම් කළා කියන කාරණය මේ රටේ සාමාන්‍ය බුද්ධියක් තිබෙන පුද්ගලයෙක්ට සිතන්නවත් බැරි කාරණයක් බවත් ඒ මහතා කීය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා රටට ආදරේ නම්, ඒ වගේම ඔබතුමාට සහ පක්ෂයට මේ මුදල් ලැබි නොමැතිනම් පසුගිය කාලය තුළ මේ විශාල මුදලක් ඇවිත් තිබෙන්නේ කොහෙන්ද? කාගේ ගිණුම්වලටද? කොහොමද වියදම් කළේ කියන කාරණය සම්බන්ධව සොයා බැලිය යුතු බව කී කාරියවසම් මහතා මේ මුදල්වලින් සමහර විට කූඩාරම් ගැසීමට, කෑමවලට හෝ ගෙවල් ගිනිතියන පුද්ගලයින්ට යන විවිධ කාරණාවලට යෙදෙවව්වා විය හැකි බව ද සඳහන් කළේය.
බොරු ජාතිකත්ව කඳවුරු නිර්මාණය කිරීම පිටුපස මේ මුදල් යෙදවා තිබයි හැකි නිසා මෙවැනි විශාල මුදලක් වියදම් වුණේ කොයි ආකාරයට ද යන්න සොයලා ජනතාවට ප්‍රකාශ කළ යුතු බවත් එසේ නැතිව වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව වහගන්න බොරුවට ඔවුන් ගිනි තියපු ගෙවල්වල වන්දි ගෙවපු ආකාරයවත්, මේ රටේ පොල්, වී හිඟයට බොරු හේතු දක්වන්නවත්, රටේ විදුලිය ගියාම බොරුවට වඳුරෝ පැන්නා කියන්නවත් රටේ ජනතාවට ආණ්ඩුවක් අවශ්‍ය නොමැති බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට හෙළි වී පුද්ගල නාම දෙස බලන විට මෙය කෙසේවත් ඉටු වන ඉල්ලීමක් නොවේ. මක්නිසාද යත් යු එස් එයිඩ් එකෙන් කා ඇත්තේ එසේ මෙසේ නොවන පිරිසක් නිසායි. වත්මන් අගමැතිනි ද ඒ අතර සිටීමට අමතරව, මෙරට රීජිම් චේන්ජ් ව්‍යාපෘතියේ සිටිමින් මහා ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස පෙනී සිටි බොහෝ දෙනෙක් ද ඒ අතර සිටින නිසායි. රාජපක්ෂලා පිටින් සියලු පව් මුදා හරිමින් මේ තක්කඩි රැල මෙරටට කර ඇති හානිය කාලයේ වැලි තලාවට වැසි යනවා විනා අන් යමක් සිදු නොවන්නේය..
පට්ට හොරු රකිනවා..
ඇත්තටම මේ මිනිහට පිස්සුද නැත්නම් කියවන්න දෙයක් නැති නිසා කියවනවද? මේ සල්ලි ආවේ මෙතුන්මන්ලා ආන්ඩු කරන කාලේ. ඇයි ඒ ගැන හොයල බැලුවේ නැත්තේ? ඒ කාලේ මේ ගැන අවදානය යොමු කලානම් වෙන්න තිබ්බ හානිය වලක්වා ගන්න තිබුනා, දැන් හෙව්වා කියල මොනවද කරන්න පුලුවන්? මේ අරමුන වුනු හානිය හොයන එක නෙවෙයි, මේ ආන්ඩුව ඇමරිකාව එක්ක අවුලුවන්න.
මෙච්චර කල් ආණ්ඩු වල උනේ, උන්ගේ කාලයේ රටට ඕනෑ තරම් NGOs වලින් සල්ලි දෙන්න ඉඩ දීලා, හොයලා බැලුවේ නෑ. දැන් නම් පරීක්ෂණ කරන්න කියලා කියනවා. NGO වලින් සල්ලි අරගෙන රටට වැරැද්දක් වුණා නම්, අනිවාර්යෙන් නීතිමය කටයුතු කළ යුතුයි.
තාමත් අනුන්ගේ රෙදි හෝදනවා.
ඔයාලගේ කාලේ ඕවා හොයලා බලන්න තිබ්බානේ. කොහේද මංකොල්ල කන එක ඇරෙන්න ඕව බලන්න වේලාවක් තිබ්බේ නෑනේ...
ජෙරම්ගෙ ක්‍රියාවන් සඳහාද ඒ මුදල් ලැබෙනවාද බලනවා නම් හොඳයි... මෑතකදී අහන්නත් ලැබුණා එක්තරා ආබාධිත අයෙකුට කඩයක් දමාදී ත්‍ර්‍රීවිලර් එකක් අරගෙන දෙන්න ෆ්ලාස්ටරයක් කටයුතු කළා කියලා මෙය කුඩාම අලි සිටි පිටියකට සමාන නමක් තියෙන කුඩා නගරයක සිදුකිරීමක් හැටියට තමයි ආරංචිය...
සුනාමි සහනාධාරවලින් පටන් අරන් අරගල වන්දි දක්ක්වම හොයා බැලුවොත් හොඳයි නේද? අරගලට ගහපු උන්දැලාට නීතීඥයෙක්වත් නෑ නේද . කයිවාරු නොකියා උන්දැලා වෙනුවෙන් වත් පෙනී හිටියොත් නරකද?
සාගර කාරියවසම් මහත්තයෝ ඔහෙලගේ මහා එකා රාජපක්ෂලාගෙන් අහන්න ඔය සංවිධානයෙන් සුනාමියටත් එක්ක ලැබිච්ච ඩොලර් බිලියන ගානට මොකද වුනේ කියලා? දැන් ඇමරිකාවෙන් හොයාගෙන තියෙනවා ඇමරිකාවේ ආධාර බහුතරයක් හිටපු රජයන් පිල්ලි ගහපු බව වැඩියෙන්ම හොරකම් කරලා තියෙන්නේ රාජපක්ෂ යුගයේ.
ඒ ගමනම රස්සාවක් නොකරන රොකට් චිචියා කෝටි ගානක ගෙයක් ගත්තේ කොහොමද කියලත් හොයන්න