IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


යූඑස්ඒඩ් මෙරට මුදල් වියදම් කළේ කාටදැයි සොයන්න


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශාල මුදලක් යූඑස්ඒඩ් කියන සංවිධානය හරහා මෙරට තුළ වියදම් කර ඇතැයි හෙළිවී ඇති බවත් එම මුදල් සැබවින්ම වියදම් කළේ කුමන කාරණයකට ද යන්න සෙවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (10) පැවසීය.

නීතිඥ සාගර කාරියවසම් මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ශ්‍රී ලංකාව වැනි රටවල්වල ජාතිකකත්වය, සංස්කෘතිය, අනන්‍යතාවය විනාශ කරන්න, ආර්ථිකය කඩාවට්ටන්න, රටට ආදරය කරන පාලකයින් පලවා හැරලා විදේශගැති පාලකයින්  බිහිකරන්න සමහර අවස්ථාවලදී විදේශ සංවිධාන තුළින් මුදල්  පොම්ප කරන බවත් ඒ නිසා මේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මෙවැනි විශාල මුදලක්  වියදම් කළා කියන කාරණය මේ රටේ සාමාන්‍ය බුද්ධියක් තිබෙන පුද්ගලයෙක්ට සිතන්නවත් බැරි කාරණයක් බවත් ඒ මහතා කීය.

 අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා රටට ආදරේ නම්,  ඒ වගේම ඔබතුමාට සහ පක්ෂයට මේ මුදල් ලැබි නොමැතිනම් පසුගිය කාලය තුළ මේ විශාල  මුදලක් ඇවිත් තිබෙන්නේ කොහෙන්ද? කාගේ ගිණුම්වලටද? කොහොමද වියදම් කළේ කියන කාරණය සම්බන්ධව සොයා බැලිය යුතු බව කී කාරියවසම් මහතා මේ මුදල්වලින් සමහර විට කූඩාරම්  ගැසීමට, කෑමවලට හෝ ගෙවල් ගිනිතියන පුද්ගලයින්ට යන විවිධ කාරණාවලට යෙදෙවව්වා විය හැකි බව ද සඳහන් කළේය.

බොරු  ජාතිකත්ව කඳවුරු නිර්මාණය කිරීම පිටුපස මේ මුදල් යෙදවා තිබයි හැකි නිසා මෙවැනි විශාල මුදලක් වියදම් වුණේ  කොයි ආකාරයට ද යන්න සොයලා ජනතාවට ප්‍රකාශ කළ යුතු බවත් එසේ නැතිව වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව වහගන්න  බොරුවට ඔවුන් ගිනි තියපු  ගෙවල්වල  වන්දි ගෙවපු ආකාරයවත්, මේ රටේ  පොල්, වී හිඟයට බොරු හේතු  දක්වන්නවත්, රටේ විදුලිය ගියාම බොරුවට  වඳුරෝ පැන්නා කියන්නවත්  රටේ  ජනතාවට ආණ්ඩුවක් අවශ්‍ය නොමැති බවත් ඒ මහතා කීය. 



අදහස් (10)

යූඑස්ඒඩ් මෙරට මුදල් වියදම් කළේ කාටදැයි සොයන්න

මැක්ස් Monday, 10 February 2025 04:02 PM

දැනට හෙළි වී පුද්ගල නාම දෙස බලන විට මෙය කෙසේවත් ඉටු වන ඉල්ලීමක් නොවේ. මක්නිසාද යත් යු එස් එයිඩ් එකෙන් කා ඇත්තේ එසේ මෙසේ නොවන පිරිසක් නිසායි. වත්මන් අගමැතිනි ද ඒ අතර සිටීමට අමතරව, මෙරට රීජිම් චේන්ජ් ව්‍යාපෘතියේ සිටිමින් මහා ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස පෙනී සිටි බොහෝ දෙනෙක් ද ඒ අතර සිටින නිසායි. රාජපක්ෂලා පිටින් සියලු පව් මුදා හරිමින් මේ තක්කඩි රැල මෙරටට කර ඇති හානිය කාලයේ වැලි තලාවට වැසි යනවා විනා අන් යමක් සිදු නොවන්නේය..

:       68       27

chinthaka Monday, 10 February 2025 04:23 PM

පට්ට හොරු රකිනවා..

:       3       15

Gamage Monday, 10 February 2025 04:31 PM

ඇත්තටම මේ මිනිහට පිස්සුද නැත්නම් කියවන්න දෙයක් නැති නිසා කියවනවද? මේ සල්ලි ආවේ මෙතුන්මන්ලා ආන්ඩු කරන කාලේ. ඇයි ඒ ගැන හොයල බැලුවේ නැත්තේ? ඒ කාලේ මේ ගැන අවදානය යොමු කලානම් වෙන්න තිබ්බ හානිය වලක්වා ගන්න තිබුනා, දැන් හෙව්වා කියල මොනවද කරන්න පුලුවන්? මේ අරමුන වුනු හානිය හොයන එක නෙවෙයි, මේ ආන්ඩුව ඇමරිකාව එක්ක අවුලුවන්න.

:       15       65

Cham Monday, 10 February 2025 04:47 PM

මෙච්චර කල් ආණ්ඩු වල උනේ, උන්ගේ කාලයේ රටට ඕනෑ තරම් NGOs වලින් සල්ලි දෙන්න ඉඩ දීලා, හොයලා බැලුවේ නෑ. දැන් නම් පරීක්ෂණ කරන්න කියලා කියනවා. NGO වලින් සල්ලි අරගෙන රටට වැරැද්දක් වුණා නම්, අනිවාර්යෙන් නීතිමය කටයුතු කළ යුතුයි.

:       7       45

m. saman perera Monday, 10 February 2025 05:23 PM

තාමත් අනුන්ගේ රෙදි හෝදනවා.

:       8       18

කිරු Monday, 10 February 2025 05:56 PM

ඔයාලගේ කාලේ ඕවා හොයලා බලන්න තිබ්බානේ. කොහේද මංකොල්ල කන එක ඇරෙන්න ඕව බලන්න වේලාවක් තිබ්බේ නෑනේ...

:       9       31

Egodadeniya Monday, 10 February 2025 07:03 PM

ජෙරම්ගෙ ක්‍රියාවන් සඳහාද ඒ මුදල් ලැබෙනවාද බලනවා නම් හොඳයි... මෑතකදී අහන්නත් ලැබුණා එක්තරා ආබාධිත අයෙකුට කඩයක් දමාදී ත්‍ර්‍රීවිලර් එකක් අරගෙන දෙන්න ෆ්ලාස්ටරයක් කටයුතු කළා කියලා මෙය කුඩාම අලි සිටි පිටියකට සමාන නමක් තියෙන කුඩා නගරයක සිදුකිරීමක් හැටියට තමයි ආරංචිය...

:       1       12

Deshapriya Monday, 10 February 2025 07:48 PM

සුනාමි සහනාධාරවලින් පටන් අරන් අරගල වන්දි දක්ක්වම හොයා බැලුවොත් හොඳයි නේද? අරගලට ගහපු උන්දැලාට නීතීඥයෙක්වත් නෑ නේද . කයිවාරු නොකියා උන්දැලා වෙනුවෙන් වත් පෙනී හිටියොත් නරකද?

:       0       0

රුවන් Monday, 10 February 2025 08:17 PM

සාගර කාරියවසම් මහත්තයෝ ඔහෙලගේ මහා එකා රාජපක්ෂලාගෙන් අහන්න ඔය සංවිධානයෙන් සුනාමියටත් එක්ක ලැබිච්ච ඩොලර් බිලියන ගානට මොකද වුනේ කියලා? දැන් ඇමරිකාවෙන් හොයාගෙන තියෙනවා ඇමරිකාවේ ආධාර බහුතරයක් හිටපු රජයන් පිල්ලි ගහපු බව වැඩියෙන්ම හොරකම් කරලා තියෙන්නේ රාජපක්ෂ යුගයේ.

:       0       0

Perera Monday, 10 February 2025 11:30 PM

ඒ ගමනම රස්සාවක් නොකරන රොකට් චිචියා කෝටි ගානක ගෙයක් ගත්තේ කොහොමද කියලත් හොයන්න

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site