IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


’’මේ වෙලාවේ ඕන ට්‍රම්ප්ට ටෙලිෆෝනයෙන් කතා කරන්න පුළුවන් නායකයන්’’



(සුජිත් හේවාජුලිගේ)

ඇමරිකාවේ ප්‍රතිචාරක  බද්ද  හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති  මොහොතේ රටට  අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව  ඇමතිය හැකි නායකයන් බව සමගි  ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා පැවසීය .

එවැනි නායකයන් දැනට සිටින්නේ විපක්ෂයේ බවද ඔහු සඳහන් කළේය. කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ කොළඹදී අද (9) පැවති මාධ්‍ය හමුවකදීය.

විපක්ෂයේ නායකයන් බොහෝ පිරිසකට  එවැනි පරණ  මිත්‍රකම් යාළුකම් තිබෙන බව පැවසූ කිරිඇල්ල මහතා එවැනි මිත්‍රකම් යාළුකම් පාවිච්චි කර පසුගිය කාලයේදී ලොකු වැඩ කරගත් බවද සඳහන් කළේය

මෙවැනි ප්‍රශ්න ඇතිවන අවස්ථාවලදී ලෝකයේ සමහර නායකයන් දුරකතනයෙන් අදාළ නායකයන් අමතා ගැටලු විසඳා ගත් බවද  ඔහු සිහිපත් කළේය.

ඇමරිකාවේ  ප්‍රතිචාරක බද්ධ පැනවීමෙන් ඇතිවූ ගැටලුව විසඳා ගැනීමට එරටේ නායකයන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට පරිණත භාවය හෝ කෘතහස්තභාවය  ඇති කණ්ඩායමක් පත් කරන්නැයි  තමා රජයට යෝජනා කරන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.



අදහස් (33)

’’මේ වෙලාවේ ඕන ට්‍රම්ප්ට ටෙලිෆෝනයෙන් කතා කරන්න පුළුවන් නායකයන්’’

Sunaa Wednesday, 09 April 2025 12:06 PM

අනේ නිකන් පලයන් යකෝ, උබලාගේ කෝල් වලින් කරපු හැරිය රටම දන්නව... තවත් එනවා නාකිය හැදන්න මෙතැන...

:       6       54

ජිල්බු Wednesday, 09 April 2025 12:22 PM

ඔබගේ පක්ෂ නායකයා කතාකෙරුවොත් මොනවාද කිව්වේ කියලා තේරුම්ගන්න බැරුව ට්‍රම්ප් බයවෙලා දාඩිය දාලා කියන ඔක්කෝම කරලා දෙයි..!

:       1       36

sakra Wednesday, 09 April 2025 12:32 PM

එවැනි නායකයින් අපට එක්කෙනයි. නමුත් ඔහුව පන්නන්න ඔහෙත් හවුල් වුණානේ. කෙලෙහිගුණ නොදන්නා ජාතියක් බොරු බේගල් වලට රැවටිලා ඒ මනුස්සයාව පැන්නුවානේ... දැන් ඉතින් කට්ටිය එක්කම එකේ ප්‍රතිඵල විඳිමු...!

:       32       62

Ishan Wednesday, 09 April 2025 12:33 PM

ඉංග්‍රීසි බෑලුද?

:       8       27

Pradeep Kumara Wednesday, 09 April 2025 12:40 PM

එවැනි යාලුකම් භාවිතා කරලා රටට කරපු එක දෙයක් කියන්න බලන්න. (පුද්ගලික දේවල් නම් ඇති ඕනෑ තරමට...)

:       26       56

පුරවැසියා Wednesday, 09 April 2025 12:40 PM

ට්‍රම්ප් වුණත් කථා කරන්නේ ඩික්ෂනේරියෙන් බලලා. සජිත් මගේ ජීවිතේ.

:       26       23

පම්පෝරි ජනක Wednesday, 09 April 2025 12:48 PM

එහෙම කතාකරන්න පුළුවන් නායකයෝ ලෝක හොරු නිසා ජනතාව ඒ ගොල්ලෝ බලයට එනවාට කැමැති නැහැ. ඒක නිසා කිරි ඉල්ලේ සියා ට්‍රම්ප් ගේ පිහිටෙන් ගොඩයන්න දඟලන්නේ නැතිව ගිහින් වැඩක් බලාගන්න...

:       22       46

wedage Wednesday, 09 April 2025 12:53 PM

පිස්සුනේ ඕයි

:       17       31

පිටිගල මිලානෝ Wednesday, 09 April 2025 01:21 PM

එතකොට චීන, කොරියන්, රුසියානු, තායිවාන නායකයින් කතා කරන්නේ අධෝ මුඛයෙන්ද….? හොරුත් එක්ක ට්‍රම්ප් කොහොමත් කතා නෑ. ඒ නිසා ඔයා ඉස්සරහට එන්න තියෙන නඩුවලට ලෑස්ති වෙන්න ඔය වටිනා කාලය යොදවන්න….

:       20       52

ඉමාලි Wednesday, 09 April 2025 01:30 PM

ඇමරිකාවේ ඉන්න බැසිල් ගැනද කියන්නේ…? ඔව් ඔව්… “ඉම්පෝර්ට් ඩියුටි වයි ගෝ අප් ලයික් කපුටාස් “ කියලා කෙලින්ම අහයි… ට්‍රම්ප් එතකොට සිංහලෙන්ම බැනලා ලංකාවටම එලවයි. මෙච්චර කල් ඇමරිකාවේ ඉඳලාත් මළපොතේ අකුරක් දන්නේ නැති එකට…

:       11       34

කව්ද බෝයි Wednesday, 09 April 2025 01:37 PM

දුරකථනයකින්, මම ඔබ අමතමී, හමුවීය නොහෑකි නිසා...මගේ හිත හදුනන, ඔබ පිලිගත්තද, ඈතමුන් කියන මුසා...

:       18       18

බක්මීගොල්ල Wednesday, 09 April 2025 01:51 PM

කිරිඇල්ල මහතා එවැනි මිත්‍රකම්, යාළුකම් පාවිච්චි කර පසුගිය කාලයේදී ලොකු වැඩ කරගත් බවද සඳහන් කළේය. ඒක ඇත්ත... ඒකනේ මේ රටට මෙහෙම වුනේ...

:       22       41

විජෙසොම Wednesday, 09 April 2025 01:56 PM

අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකථනයෙන් සෘජුව ඇමතිය හැකි නායකයින් බව.. ඇයි අනුරගේ ටෙලිෆෝන් එකෙන් ඇමෙරිකවට කතා කරන්න බැරිද? අනේ යන්න සීයේ...

:       18       34

කරුනා Wednesday, 09 April 2025 01:58 PM

දැන්වත් පන්සල පැත්තේ ගියොත් නරකද?

:       15       35

නුවර ලමය Wednesday, 09 April 2025 02:03 PM

මේ යකා මොනවද මේ කියවන්නෙ, මේ කියන්නෙ ව්‍යාගයෙන් අපි හිටියා නම් කතා කරනවා කියල නේ , රුසියාවේ පුටින්ට වත් ට්‍රම්ප්ට කතා කරන්න බෑ තමන්ට ඕන වෙලාවක. මේ වගේ එවුන් නැතිවුන එක රටට වාසියක්. අද නුවර පාරවල් හැදෙනවා ලස්සනට අවුරුදු ගණනකට පස්සේ. මුන් හිටියා නම් දිගට හරහට කොමිස් ගහනවා , අප්පලා දුවලා

:       18       39

ලුම්බිණි Wednesday, 09 April 2025 02:05 PM

ගොන් කතා නොකිය ඉන්නවද ?

:       17       33

ගුණපාල Wednesday, 09 April 2025 02:08 PM

ආ ටෙලිෆෝන් එකන් කතා කරන්න පුලුවන් නායකයෝ තමයි හොරා කාලා රට ඩොලර් බිලියන 40 ක් ණය කරලා නිල වශයෙන්ම බංකොලොත් කලේ. තව ලැජ්ජා නැතුව රෙද්දක් ඇඳන් කතා කරනවත් එක්ක.

:       22       36

ලක්සිත පැරිස් Wednesday, 09 April 2025 02:12 PM

අපි අවුරුදු 32 ක් මේ රටේ දුක් විඳින්නේ මේ වගේ අය නිසා

:       17       32

ලක්සිත පැරිස්Wednesday, 09 April 2025 07:38 PM

හරක් ටිකක් ඩිස්ලයික් දාලා...

:       0       0

අරවින්ද මොණරවිල Wednesday, 09 April 2025 02:34 PM

මෙයා ට්‍රම්ප් ගැන හිතාගෙන ඉන්නේ වත්තේ පොල් කඩන්න එන සිරිපාල අයියා වගෙයි කියලා වෙන්න ඇති. මෙහෙම අය කරපු රටක නේද අපි ජීවත් උනේ කියලා හිතන විට පුදුම හිතෙනවා...

:       18       34

Shantha Wednesday, 09 April 2025 03:02 PM

පවු අප්පා. වැටිච්චි තැනක්.

:       11       19

කපුරු හාමි Wednesday, 09 April 2025 03:14 PM

තමුන්ගේ නායකයාට නම්, ජපන් භාෂාවෙන් හරි කතාකරලා, වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා හිතාගෙන ඇති. ඡන්ද ලකුණත් දුරකථනය හින්දා...?

:       0       14

ප්‍රියන්ත Wednesday, 09 April 2025 04:15 PM

පුළුවනිනම් එවැනි එකම එක කෝල් එකක් ගත්ත ට්‍රම්ප්ගෙ නොම්මරෙයි, අපේ ගොයියගෙ නොම්මරෙයි, දිනයයි, වෙලාවයි කියන්නකෝ බලන්න!

:       2       11

ලලනි Wednesday, 09 April 2025 04:45 PM

ඉතිං උංදැට දැං සාමාන්‍ය පුරවැසියෙක් විදියට කෝල් එකක් දෙන්න කියන්නකෝ...!

:       0       17

Chathuri Wednesday, 09 April 2025 05:28 PM

නාකියා හිතන් ඉන්න තරම. ට්‍රම්ප්ට කෝල් එකක් දෙන්න ඉන්නේ විපක්ෂයේ කෙනෙක්. ඔය කියන. කෙනා පේරාපු රත්තරන්ද? චීනා ඇර අනිත් දුප්පත් රටවල නායකයින්... දුප්පත් මිනිස්සු පෙන්වමින් අවුරුදු ගාණක් මිලියන ගණන් හොරා කෑවා. රට දුප්පත්. ඔබලා පොහොසත්. ට්‍රම්ප් මේ ආධාර නතර කරලා ටැක්ස් වැඩිකෙරුවේ ඔබලා වගේ උන්හින්දා. ඒකෙන් අපා දුක් විඳින්නේ. අසරණ පොඩි අය දුප්පත් රටවල. ට්‍රම්ප් කරපු දේ හරි. ඔබලාගේ බොක්ක වෙලෙනකිට. එතකොට පෙරහැර ගිහින් ඉවරයි. අනුර කුමාර ඇර වෙන කිසි කෙනෙක් නැහැ. ට්‍රම්ප් ළඟට යන්න. වෙස් මුහුණක් දාගන යන්න ඔබලාගේ හොරාකාපු ලිස්ට් එක නමත් සමග දීලා තියෙන්නේ මම ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට... ජනාධිපතිවරණයට. උදව් කෙරුවා. රනිල්, මහින්ද, අනුර කියන තුන්දෙනාගේ අසමානකම් ලස්සනට පෙන්නලා දෙයි. ඔබලා මනුස්ස වෙසින් ආපු හිඟන නරුමයින්...

:       1       18

රනේ Wednesday, 09 April 2025 05:36 PM

කිරි ඇල්ල කිව්වාට ඉතින් කිරි තියෙන්න විදියක් නෑනේ...

:       0       12

Nandana Wednesday, 09 April 2025 06:24 PM

මෙයාට ඒ කාලේ හොර ගෑණු කේස් එකක් තිබුණා. එයාගේ ගෑණිත් ටිකක් දන්නවා අවශ්‍ය නම් විස්තර දෙන්න පුළුවන්...

:       1       13

Mohan Mangala Mapa Wednesday, 09 April 2025 07:06 PM

ලක්ෂ්මන් ලැජ්ජ නැද්ද බන්?

:       0       0

වික්‍රම විදුර Wednesday, 09 April 2025 08:23 PM

ඒ සංවාදය, (පරිවර්තනය) ජනාධිපත් සජිත්: හෙලෝ ට්‍රම්ප් ට්‍රම්ප්: කියන්න සර්, ජනාධිපත් සජිත්: වහාම බදු අඩු කරනු... ට්‍රම්ප්: හොඳමයි සර්...

:       0       10

Lalith Pere Thursday, 10 April 2025 03:25 AM

ඔව්, ඔව්, ශ්‍රී ලංකාවෙන් පුළුවන්. එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව දුරකථන ඇමතුම් දුන්නා, ඔවුන් අසමත් වුණා. ඔවුන් කතා කළේ කැඩුණු ඉංග්‍රීසියෙන් වෙන්න ඇති.

:       0       0

Jayasekara Thursday, 10 April 2025 09:35 AM

ඉතින් අනේ ඔයාගේ නායකයාගේ පක්ෂ ලාංජනයම කතා කරන්නකෝ... මොකටද අනුන්ගේ ටෙලිෆෝන්

:       0       0

Perakum Liyanagama Thursday, 10 April 2025 09:58 AM

අනේ අපේ දේශපාලනය වැටිචිච අගාධයක මහත…! අපි කවදා ගටාඩ එමුද?

:       0       0

Bunny Preena Thursday, 10 April 2025 10:59 AM

කිරි ඇල්ල මහත්තයා හිතන් ඉන්නේ ඉංග්‍රීසියෙන් කතා කළහම ඔක්කොම ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. මේක භාෂාව ගැන ප්‍රශ්නයක් නෙමෙයි, බදු ප්‍රශ්නයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 304 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 88 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 54 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 364 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 415 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 154 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1225 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site