IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මුං අස්වැන්න තරගෙට ගන්න ආණ්ඩුවත් එයි

(අංජුල මහික වීරරත්න)

2025 අතර මැදි කන්නයේ මුං අස්වනු මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.        

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මග පෙන්වීම මත ක්‍රියාත්මක කරන ලද 2025 මුං වගාවේ ඵලදායිතාව හා නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ 2025 යල කන්නයේ හා අතරමැදි කන්නයේ හෙක්ටයාර 16,500ක පමණ භූමි ප්‍රමාණයක මුං වගා කර තිබේ. එමඟින්, මුං ඇට මෙට්‍රික්ටොන් 14,600ක පමණ අස්වැන්නක් අපේක්ෂා කරන අතර, එම අස්වැන්නෙන් මෙට්‍රික්ටොන් 12,000 ක් පමණ සෘජුවම දේශීය වෙළෙඳ පොළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුං ඇට අස්වනු නෙළීම ආරම්භ කර ඇති අතර, අතර මැදියන් විසින් කිලෝග්‍රෑම් එකක් රුපියල් 450 ක පමණ අඩු මුදලකට එම අස්වනු මිල දී ගන්නා බවට වාර්තා වී ඇත. එබැවින්, ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දීමට හැකි වන පරිදි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ උපදෙස් මත ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මුං ඇට අස්වැන්න මිල දී ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින් පුද්ගලික අංශය සමඟ තරගකාරී අයුරින් මුං ඇට අස්වැන්න මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (1)

මුං අස්වැන්න තරගෙට ගන්න ආණ්ඩුවත් එයි

de silva Tuesday, 18 November 2025 01:13 PM

මුන් ඇට කිලෝ එකට තොග මිල 450 හොඳටම ඇති , වෙළෙන්දෝ ලාභය ප්‍රවාහන ගාස්තු තියාගෙන මේවා වෙළදපලට එනකොට කිලෝ එක අවම 700-800 පමණ වේවි , පාරිභෝගික අපි සල්ලි ගස්වලින් කඩන්නේ නැහැ , මේක ස්විට්සර්ලන්තේ නොවේ , අහාර මිළ අපේ ආධායම සමග ගැලපෙන්න ඕනේ , එහෙම නැතිවුනොත් , සැපයුම තිබුනට ඉල්ලුම නැතිව අස්වන්න ගුල්ලෝ ගහල රජයේ ගබඩාවල දිරපත්වේවි , අන්තිමට විනාශ වෙන්නේ අපේ බදු සල්ලි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 240 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 390 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site