
(බිමල් ශ්‍යාමන් ජයසිංහ- )
බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අද (16) අලුයම මෝටර් රථයක් අනතුරට පත්වීමෙන් එය පැදවූ තරුණයකු මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම අඳුන්වැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වෙළඳ නාවිකයෙකු ලෙස රැකියාව කරන අකිල සංදීප නැමති 26 හැවිරිදි තරුණයෙකි. ඔහු පවුලේ එකම දරුවාය.
සිදුවූ අනතුරින් මෝටර් රථයට මෙන්ම අධිබලැති විදුලි කණුවකට බරපතල අලාභ සිදුවිය. අනතුරත් සමගම බණ්ඩාරගම ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වු අතර පැයක පමණ කාලයක් තුළදී යළි යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩල සේවකයෝ පියවර ගත්හ.
මියගිය තරුණයා බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවස කරා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ මෝටර් රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී ගම්මන්පිල වැව් තාවුල්ල මධ්‍යයේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවත ඉවතට ගොස් අධිබලැති විදුලි කණුවක ගැටී අඩි පහළොවක් පමණ බෑවුමෙන් පහළට රූරා ගොස් බණ්ඩාරගම ප්‍රදේශයේ සිට කැස්බෑව ප්‍රදේශයට ජලය රැගෙන යන ජල නල පද්ධතියේ කොන්ක්‍රීට් බැම්මේ ගැටි මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
421
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රිය විදුලි කණුවක ගැටී තරුණයෙක් මරුට
MD Sunday, 16 February 2025 04:07 PM
ගෙන ආ ආයුෂ අවසන්. හිතවතුන්, ඥාතීන් හැකි පමණින් අවසන් කටයුතු වලට සම්බන්ධ වී ඔහුට අවසන් ආගමානුකූල කටයුතු සිදුකොට විසිර යන්න....