(යොහාන් භාසුර)

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් ඉදිරි මාස තුන තුළ මාර්ගත ක්‍රමය හෙවත් ‘ඊ-මෝටරින්’ ක්‍රමයට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29) පැවසීය.

‘ඊ-මෝටරින්’ ව්‍යාපෘතිය 2017 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ද ඊට ඉඩ නොදෙන බව කී අමාත්‍යවරයා කවුරුන් විරුද්ධ වුවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ ඉදිරි මාස තුන තුළ එම ව්‍යාපෘතිය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරන බව ද සඳහන් කළේය.