
(විමුක්ති එස් රුද්‍රිගු)
නියුරලින්ක් චිපයේ මිනිස් අත්හදා බැලීම් සඳහා සහභාගී වූ ප්‍රථමයාට එම චිපය මොළයට බද්ද කර මසක් ගතවීමටත් මත්තේ සිතීමෙන් පරිගණකයේ මවුස් එකක් පාලනය කිරීමට හැකි වූ බව බිලියනපති ඊලෝන් මස්ක් ප්‍රකාශ කළේය.
නියුරලින්ක් චිපයක් මොළයට බද්ද කළ ප්‍රථම පුද්ගලයා ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවත් එම පුද්ගලයාට සිතීමෙන් පරිගණක තිරය තුළ මවුස් සලකුණ මසක් යන්නටත් මත්තෙන් එහා මෙහා කිරීමේ හැකියාව ලැබී තිබෙන බවත් ඊලෝන් මස්ක් ස්පේස් එක්ස් සමුළුවකදී පැවැසුවේය.ඊලෝන් මස්ක් නියුරලින්ක් සමාගමේ නිර්මාතෘවරයකුද වේ.
නියුරලින්ක් සමාගමේ මීළඟ ඉලක්කය වී ඇත්තේ එම පුද්ගලයාට සිතීමෙන් මවුස් එක ක්ලික් කිරීමට හැකියාව ලබා දීම බව මස්ක් එම සමුළුවේදී ප්‍රකාශ කළේය.
නියුරලින්ක් සමාගමේ චිපය රොබෝ යන්ත්‍රයක් මගින් මොළයේ චලනය වීමේ සිතුවිල්ල පාලනය කරනු ලබන ප්‍රදේශයට බද්ධ කරනු ලැබේ.එම චිපය මගින් මොළයේ සංඥා ඇප් එකක් වෙත යවනු ලබයි.මෙම චිපය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූයේ ඔත්පල වී සිටින රෝගීන්ට සිතීමෙන් පරිගණකයේ යතුරු පුවරුව සහ මවුසය පාලනය කිරීමට අවස්ථාව ලබා දීම බව නියුරලින්ක් සමාගම ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
398
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
445
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මොළය පරිගණකයට සම්බන්ධ කරන මෙහෙයුම සාර්ථකයි