IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මොරටුව වෛද්‍ය පීඨය ස්ථාපිත කරයි

(අංජුල මහික වීරරත්න)

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල මත බඳවා ගත් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම 2025 ජුලි මස දී රෝහල් පාදක සායනික පුහුණුව ආරම්භ කිරීමට නියමිතව ඇත.

දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතන පරිශ්‍රයේ (SAITM) පවතින පහසුකම් භාවිත කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට සහ වෛද්‍ය සිසුන්ගේ රෝහල් පාදක පුහුණු කටයුතු සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පහසුකම් භාවිත කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

එහෙත්, එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව හා ඔවුන්ගේ රෝග විවිධත්වය ප්‍රමාණවත් නොවීම සහ රෝහල් කාර්ය මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික මහාචාර්ය ඒකක පුහුණුවීම් සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල භාවිත කිරීම ගැටලු සහගත බව පෙනී ගොස් ඇත.

 



අදහස් (1)

මොරටුව වෛද්‍ය පීඨය ස්ථාපිත කරයි

Perera Wednesday, 22 January 2025 08:11 AM

මොරටුවේ තියෙන ලුනාව රජයේ රෝහල ශික්ෂණ රෝහලක් විදියට ඇයි දි‍යුණු කරන්නේ නැත්තේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site