IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මේ වසරේ වාහන ආනයනයට ඩොලර් බිලියනයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසර සඳහා වාහන ආනයනය වෙනුවෙන් මහ බැංකුවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණක් මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේ ද කීය.

වාහන ආනයනයෙන් විදෙස් සංචිතවලට බලපෑමක් තිබෙනවා දැයි දැන්ම පැවසිය නොහැකියි.  

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී වසරකට වාහන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වැයවනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඉතිරි මාස නවය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 800 ක් පමණ තිබෙනවා.  

ශ්‍රී ලංකාව මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක පමණ ණයවර ලිපි වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර තිබෙනවා යැයි ද ඔහු කීය.

 



අදහස් (9)

මේ වසරේ වාහන ආනයනයට ඩොලර් බිලියනයක්

රුවන් Thursday, 27 March 2025 06:24 AM

මිනිස්සු ඇඩුවාට ඔය තියෙන්නේ, ඩොලර් සංචිත නැති කරන ක්‍රම. වාහන ආනයනය සීමා කරේ නැත්තං ඩොලර් බිලියන 1, 10-20 වෙලා නවතින්නේ. එතකොට වාහන ගත්ත අයට ශෙඩ් ගානේ පෝලිමේ ඉන්න පුළුවන්. රටට වාහන ආනයනයට පෙර ලංකාවේ මාර්ග පද්ධතිය, අලුත්වැඩියාව වගේම පුළුල් කරන්න ඕනේ. ලංකාවේ ලයින් හතරේ පාරවල් කීයක් තියෙනවාද? ලංකාවේ මාර්ගවලින් හරියට තියෙන්නේ 20% දකුණු කොරියාවේ ලංකාවේ තරම් පාරවල් නැති වුනාට පාරවල් 99% සංවර්ධිත, කිසිම ප්‍රශ්නයක් නැති ඒවා. අනික ලංකාව වගේ නෙමෙයි පාරවල් ගොඩක් පළලට හදලා තියෙන්නේ

:       2       9

de silva Thursday, 27 March 2025 06:31 AM

අසාධාරණ තීරු බදු අඩු කලේ නැතිනම් වාහන ගන්න තරම් මෝඩ මිනිස්සු ලංකාවේ නැහැ , ගෙනපුවත් විකුණා ගන්න බැරිව සෙල් කාරයෝ ලත වෙනවා , ඔය ගොල්ල බජට් එකේ ඉල්ලක්ක කරපු බදු අදායම ගන්න නම් ඔය තීරු බදු 50% පමණ අඩු කරන්න වෙනවා මහත්මයා

:       3       11

R.T.sarath Thursday, 27 March 2025 06:35 AM

යම්කිසි භාණ්ඩයක් වටිනාකම මෙන් 3න් 4 ගුණයක් ගෙවල මිලදී ගන්න තරම් මිනිස්සු මෝඩ නැහැ, වාහන යනු බෙහෙත් අහාර මෙන් අත්‍යවශ්‍ය දේවල් නොවේ ,

:       1       11

dama Thursday, 27 March 2025 07:09 AM

රට බංකොලොත් කරලා

:       2       7

දොං සේතං Thursday, 27 March 2025 08:09 AM

එතොකොට අරගත්තු ණය පියවන්නේ ඊට පස්සෙද ආයුබොවං ?

:       0       7

ගුණරත්න Thursday, 27 March 2025 10:41 AM

සමහර මෝඩ යක්කු හිතන් ඉන්නේ ආණ්ඩුව සල්ලි දීල අපි වෙනුවෙන් වාහන අරන් දෙනවා වගේ. ඔය ඩොලර් බිලියනයට රුපියල් බිලියන 600ක් සල්ලි ආණ්ඩුව බදු විදියට අය කරගන්නවා, ඉතින් කිසිම පාඩුවක් ආණ්ඩුවට වෙන්නේ නැහැ, ඔය ඩොලර් බිලියන එක වෙන් කරන්නේ පිටරටට සල්ලි ගෙවන්න නෙවෙයි එහෙම ගෙවන්න හැකියාවක් තියෙනවා කියල පිටරට බැංකු වලට යොමුකරන ණයවරපත් සඳහා ගැරන්ට් එකක් විදියට, ඇත්තටම සල්ලි ගෙවන්නේ මිනිස්සු, ඒ රුපියල් සල්ලි මාරු කරන්නේ ආණ්ඩුවේ සංචිත වලින් නෙවෙයි එදිනෙදා ගනුදෙනු වලදී ලංකාවට එන ඩොලර් වලින්. ආණ්ඩුවේ සංචිත හෙල්ලෙන්නෙවත් නැහැ.

:       2       7

ගුණරත්නThursday, 27 March 2025 08:20 PM

ගිනි පොලීකාර ආණ්ඩුව "ඩොලර් බිලියනයට රුපියල් බිලියන 1500ක් බදු ලෙස අයකර ගන්නවා" ලෙස නිවැරැදි විය යුතුයි,

:       3       1

prasanna Thursday, 27 March 2025 12:40 PM

මෙයා සහ ආණ්ඩුව මාර වැඩ්ඩෝ නේ??? රට විරුවන්ට , සංචාරක ව්‍යාපාරය සහ ඇඟලුම් කර්මාන්තයේ නියත අයට දන නමා ආචාර කරන්න ඕන . ,,මෙයා කරපු දෙයක් නැත

:       8       6

ජයනාත් Thursday, 27 March 2025 01:42 PM

හිතන්න අමාරුයි .. තව මිලියන 800 ඕන වෙයි කියලා . හිතපු තරම් වාහන ආනයනයක් නෑ . මිල වැඩි නිසා

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1008 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1042 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site