IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි

(සුජිත් හේවාජුලිගේ)

රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු  නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු  දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව එම බලපත්‍රය අද සිට අත්හිට වෙනු ඇත. එම මුදල් සහ අධිභාරය ගෙවීම දිගටම පැහැර හරින්නේ නම් සමාගමේ ප්‍රවාහන කටයුතුද අත්හිටුවන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි

මේ අතර මත්පැන් බලපත්‍රය ලබන තිස් එක වැනිදා  අවසන් වීමට නියමිත අතර එය තව දුරටත් දීර්ඝ නොකිරීමටද සුරාවට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත



අදහස් (15)

මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි

සුනාමි නාකි මයිනා Wednesday, 04 December 2024 08:12 PM

අඩෝ කවුද ඩෝ අපේ ගජයා ඇලෝශියෂ් මලයාගේ අරක්කු ලයිෂන් එක කැන්සල් කළේ? ඒම කෝමද? සුරාබදු කාරයා මටත් වැඩිය ලොක්කෙක්ද? වහාම ලයිෂන් එක ආපහු දීලා, වැඳලා සමාව ගන්න. නැත්නම් මම නරක මිනිහයි කියන්න එපා.. හරිද?

:       1       0

Sagara Kariyawasam Gobbaya Wednesday, 04 December 2024 08:16 PM

ඔන්න සුපිරි තීරණ... දැන් රට හැදෙනවා.

:       0       2

රම්බොඩ Thursday, 05 December 2024 12:10 AM

බේබද්දෝ පෙළපාලි යයිද?

:       0       2

Rasi Thursday, 05 December 2024 05:25 AM

වෙන ආණ්ඩුවක් ආවා නම්, මොවුන් යටින් ඔවුන්ට වියදම් කරලා, දිගටම මේ වැඩේ කරගෙන යනවා. කොටි 570ක් සෙල්ලම් නෙවෙයි. තව එකක්, මේ ආණ්ඩුවට අඩුම අවුරුද්දක්වත් දෙන්න ඕනේ, මේවා හොයලා බලලා කරන්න. පළපුරුද්ද තිබ්බ කඹ හොරු කරපුවා හොයලා බලන එක ලේසි නැහැ. අර විපක්ෂයේ අයට පාර්ලිමේන්තුව ඇතුලේ හැදිලා තියෙන කඩි කුලප්පුව දැක්කාම මානසික රෝගයක්ද කියලා හිතෙනවා. බදු අඩුකරන්නලු, වාහන ගෙන්නලු, වාහන බදු අඩු කරන්නලු, පරිප්පු හාල් අඩුකරන්නලු. මේවා හොඳයි, ඔවුන්ගේම වහල්ලුන්ට. තාම සජිත්ට තේරිලා නැහැ... මිනිස්සු ඡන්දේ මේ සැරේ වෙන පක්ෂෙකට දුන්නේ ඇයි කියලා, මේ යන විදියට සජී සීයාගේ රෙකෝඩ් එක කඩන්ටත් ඉඩ තියෙනවා...

:       0       22

Nishan Thursday, 05 December 2024 06:09 AM

දැන් එතකොට ඒ නොගෙව්ව බදු සල්ලි? ඒවා කොහොම හරි අය කර ගන්න එපැයි. එහෙම නැතුව මේ අහෝසියෙන් වැඩක් නෑ.

:       0       5

නිමල් Thursday, 05 December 2024 08:20 AM

ඇක්ෂන් නොගෙන ටැක්ස් එක බිලියන ගානක් එකතු වෙනතුරු නිදාසිටි නිලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුය. බිස්නස් එකක් වසා එයින් යැපෙන සේවක පවුල්, අනිත් බිස්නස් සහ බ්‍රෑන්ඩ් අැඩික්ටඩ් පාරිභෝගිකයා වැනසීම නොව ව්‍යාපාරය වැඩි දියුණකර දිගටම පවත්වාගත හැකි හැක්කේ කෙසේද ගැනත් බලධාරින් අවධානය යොමුකල යුතුය.

:       34       12

පැරකුම් Thursday, 05 December 2024 08:47 AM

මේ තරම් අති විශාල හිග බදු මුදලක් එකතු වන තෙක් ගජ මිතුරන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන මෙතෙක් කල් නිහඩව සිටි දේශපාලුවන්ට සහ අදාල නිලධාරීන්ට එරෙහිව නිසි විනය පියවර ගැනීමට නොපමාව කටයුතු කල යුතුය.

:       0       26

Nimal Thursday, 05 December 2024 09:56 AM

ලංකාවේ සුරා බදු මුදලින් එන ආදායම ,මත්පැන් වලින් වෙන සෞඛ්‍ය වියදම් එක්ක සංසන්ධනය කලොත් ,සෞඛ්‍ය වියදම වැඩියි ,ඒකට රජය පිළියම් කරන්න ඕන . මත උවදුර නැති කරන්න

:       0       66

eresh s kumara Thursday, 05 December 2024 12:16 PM

සල්ලි හම්බෙන්නෙ නැති තැන් නම් කමක් නැහැ

:       1       21

Willows Drive Thursday, 05 December 2024 12:45 PM

අයවිය යුතු හිඟ බදු මුදල් වලට මොකද වෙන්නෙ

:       0       38

DM Thursday, 05 December 2024 02:15 PM

මත් පැන් බලපත්‍රය දීර්ඝ නොකලොත් ඊට පසුව සිදුවන දෙය පැහැදිලි කරන්න පුලුවන්ද?

:       1       19

බකල ජයාThursday, 05 December 2024 03:15 PM

වෙරිවෙන්න ඕනනං වෙන අතක් බලාගන්න වෙනවා

:       1       0

සන්ක Thursday, 05 December 2024 02:38 PM

යුක්තිය මීට පෙර තිබුණේ කොහේද? මේවා රජයන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජන විශ්වාසය ගොඩනඟන දේවල් ය. මේ ව්‍යායාමය මේ ආණ්ඩුව බලයට පත්වෙනකම් කරපු දෙයක් නැහැ. දැන් දේවල් පෙරළෙමින් තිබේ. සියලුම සාමාන්‍ය ජනතාව ඉල්ලා සිටින්නේ කුඩා හෝ ලොකු කිසිවකුට කිසිදු අනුග්‍රහයක් නොමැතිව නීතිය සාධාරණව හා සමානව ක්‍රියාත්මක කරන ලෙසයි. දේශපාලන බලපෑම්වලින් මිදී නීතියට අනුව කටයුතු කරන්න.මේ දේවල් පිළිවෙළකට සකස් කළොත් ඉතා ඉක්මනින් රට දියුණු වී දියුණු ජාතියක් වනු ඇත.

:       1       6

nanda Thursday, 05 December 2024 02:50 PM

පෙර පැවති රජයෙන් සමඟ ඩීල් නිසා මෙයාලාට ඕනෑ ඕනෑ විදියට නටන්න දීලා හිටියා වෙන්දේසි කර හෝ බදු අයකරගන්න

:       0       7

ගමේ එකාලා Thursday, 05 December 2024 04:13 PM

දූෂිත දේශපාලුවෝ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. ඔවුන්ටම හරියන උන් බදු නොගෙවා පැහැර හැරියා. රට කාබාසිනියා කරන්න දායක වෙච්චි හැම එකාටම සාප වේවා...! ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30448 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12467 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 785 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 241 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site