IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මෙන්ඩිස් සමාගමෙන් සල්ලි ගත්තු මන්ත්‍රීරු

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී මෙන්ඩිස් අරක්කු සමාගම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසකට මුදල් ගෙවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලින් හෙළිවී ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය

එදා කෝප් පරීක්ෂණ යන වෙලාවෙ චූදිතයන් සමඟ සම්බන්ධ වෙමින් කරපු දේවල් කවුරුත් දන්න බවද ඔහු කීය.

 



අදහස් (10)

මෙන්ඩිස් සමාගමෙන් සල්ලි ගත්තු මන්ත්‍රීරු

පැලවත්ත Thursday, 20 March 2025 05:53 PM

කවුරුත් දන්න නෙමෙයි. ඔබතුමාලා දන්නවා නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. අනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ වාර්තා ඔබතුමාට පෙන්නලාද නීතිය ක්‍රියාත්මක කරන්නේ? මට නම් හිතෙන්නේ ඕකත් ඔබතුමාලගේ පචයක්. මොකද ඔබතුමාලා පුරුදුවෙන්න පච කියනවයෑ. පැලවත්තෙන් පඩි අරං අදහස් දාන අය මොනවා කිව්වත් ඔයාලාට ඡන්දෙ දුන්නු මටත් දැන්නම් හිතෙන්නේ මෙහෙමයි.

:       44       25

පොඩිඑකාThursday, 20 March 2025 06:35 PM

අනේ පැලවත්තයෝ නොකියා ඉඳින්, ඔහේ ඡන්දෙ දුන්නේ පිං සීයාට!

:       12       35

පැලවත්තThursday, 20 March 2025 07:49 PM

පොඩිඑකා ඔයාට ගැළපෙනම නම... ඔහොම්ම හිතාගෙන ඉන්න. මම සීයාට ඡන්දෙ දෙනවා බලං හිටියාද කොල්ලො...?

:       19       9

බද්රානි Thursday, 20 March 2025 07:26 PM

නැට්ට උස්සාගෙන තප්පුලන්න කලින් ඇත්ත පිළිගන්න පුරුදුවෙනවා පැලවත්ත. මට හිතෙන්නේ ඔහේත් හොර තක්කඩින්ගේ ඉඳුල් ලෙවකන කෙනෙක්. ඒකනේ මේ ඇත්ත ඇහෙද්දී කුලප්පුවෙලා දඟලන්නේ... මුදල් ගත්තු මිනිස්සු පිළිගත්තත් කුක්කෝ ඒක නොපිළිගන්නා එකනේ ප්‍රශ්නේ..!

:       8       25

Edward Thursday, 20 March 2025 07:41 PM

කජු සීයා සහ හොරු 40. හොඳම හොරු ටික සීයා ගාවනේ...

:       9       17

සිල්වා Thursday, 20 March 2025 09:31 PM

තාම කයිය විතරනේ. ගත්තු ක්‍රියා මාර්ගයක් නෑ. හාල් පොල් මිල තවම අඩවුනේ නෑ.ලුණුත් ඉන්දියාවෙන්. ඒත් කලින්නං කිව්වෙ රට වටේ මුහුද කියල. හොරු අල්ලන්න ඇවිල්ල රිලව් ඇල්ලුවෙත් නෑ.

:       2       3

Nishan Friday, 21 March 2025 02:41 AM

මෙන්ඩිස් සමාගමේ හිඟ බදු කෝටි 100 ක් කපා හැරලා දැන් සල්ලි ගත්තු අය ගැන කියවලා වැඩක් නෑ.

:       0       5

Nimal 1 Friday, 21 March 2025 06:47 AM

මේ තක්කඩින්ගේ සම්පූර්ණ නම් ලැයිස්තුව පල කරන්න

:       1       5

vernon Friday, 21 March 2025 08:52 AM

ලංකාවේ වැඩිම අරමුදලක් හිමි පක්ෂයට ඒ මුදල් ආවේ කොහොමද? ඡන්දේ වෙලාවේ සල්ලි දුන්නා කියපු හාල් මුදලාලි එහෙම සල්ලි දුන්නේ කොහොමද? පක්ෂ මූලස්ථානේ ටයිල් කරන්න අනුග්‍රහය දුන්නේ කවුද? මෙන්න මේවත් හොයන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ අමාත්‍යංශ වැය ශීර්ෂයක විවාදයට මේවා අදාළ වෙන්නේ කොහොමද?

:       2       3

Upasena. Friday, 21 March 2025 09:37 AM

අපට ඕව අහල ඇති වෙලා.හොරැන්ට මොනව හරි දැන්වත් කලොත් තමයි හොද.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1079 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site