
(සුමිත් පොතුපිටිය )
පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර කෙසෙල් වත්ත ගැමුණු මාවතේ පදිංචිව සිටී 18 හැවිරිදි කේසාන් සදරුවන් නමැති තරුණයකු බවට හදුනාගෙන තිබේ.
අතුරුදන් තරුණයා සිය වැඩිමහල් සොහොයුරා තවත් මිතුරන් තිදෙනෙකු සහ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවක් සදහා පැමිණි අටදෙනෙකුද අද (12) පානදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැවට වම් පසින් දිය නාමින් සිට ඇති බව පැවසේ.
එක්වරම ඔවුන් රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර උදව් ඉල්ලා කෑ ගැසීමත් සමග ක්‍රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් රෙස්කියු ටියුබ් රැගෙන මුහුදට පැන රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි එකොළොස් දෙනෙකු බේරාගෙන ඇති බව පැවසේ.
බේරාගෙන ඇති සියලුම දෙනා වයස අවුරුදු 20 ට අඩු තරුණයන් බවත්, අද දින මුහුද රළු ස්වභාවය හේතුවෙන් මුහුදේ රතු ධජ ප්‍රදර්ශනය කර අවවාද නිකුත් කර තිබූ බවත් ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කරයි. ජීවිත බේරා ගැනීමට එක් වූ ජීවිත ආරක්ෂක නිලධාරීන් ද ගිලී ඇති නැවේ ගැටී සීරීම් තුවාල ලබා ඇති බවද ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
Perera Thursday, 13 February 2025 08:02 AM
මෝඩකමට බෙහෙත් නෑ ඒ හේතුවෙන් සමහර මෙවැනි අවස්ථාවලදී ජිවිත අහිමිවීමට ඉඩ ඇත
රුවන් Thursday, 13 February 2025 08:58 AM
ලංකාව වටේ මුහුද තිබ්බට පිනන්න බෑ ගොඩක් අයට. අනිත් එක බීමත්කම.
දිමුත් Thursday, 13 February 2025 10:53 AM
රතු කොඩියක තේරුම උගන්නන්න වෙනවා ආයිත් ඉස්කෝලෙ යවලා!